Nissan GT-R

Nissan GT-R එකට හැමෝම කැමති මේ නිසා

ඔන්න අපි මුලින්ම කතා කරන්න යන්නෙ Nissan GT -R කියන කාර් එක ගැන. ඉතින් මේ කාර් එක Nissan සමාගම හදපු Sports car එකක්. මේ GT- R කියන කාර් එක Nissan Skyline පවුලෙ අලුත් මදිලිය.
ඒ වගේම මේ කාර් එකට තියෙන්නෙ දොරවල් දෙකයි. ඒත් මේකෙ හතර දෙනෙකුට යන්න පුලුවන්. මේ වර්ගයේ හැම කාර් එකකම පි‍ටුපස Tail Lights නිර්මාණය කරල තියෙන්නෙ එකම විදිහට ඒ විශල රවුම් දෙකක් හා කුඩා රවුම් දෙකක් ලෙස. එ් හැඩය Skyline මදිලියෙ ඉදන් අලුත් මදිලිය දක්වාම එලෙසම පවත්වගෙන අවා. ඔවුන් කියන්නෙ මේක කාර් එකේ සන්කේතය කියල. මේ කාර් එකේ ඉදිරිපස ලාම්පු නැත්නම් Head lights ස්වයන්ක්‍රියව වැඩ කරන විදිහටයි නිර්මණය කරල තියෙන්නෙ. ඒ කියන්නෙ රාත්‍රිකලයට ලයිට්ස් on වෙන්නත් දවල්ට off වෙන්නත් තමයි හදල තියෙන්නෙ. ඒ වගේම හැමවෙලාවෙම පත්තුවෙල තියෙන Day Time Running Lights තාක්ශණයත් තියෙනවා.

Nissan GT-R Rear Inside
Nissan GT-R Rear Inside

හැම වාහනයකටම Exhaust Outlet (දුම් බට) තියෙනව කියල හැමෝම දන්නවනේ. ඉතින් මේ කියන්න යන්නෙ Nissa GT -R එකේ Exhaust Outlet එක ගැන. මේකටත් ඔය කියන ඒවා තියෙනව එකක් නෙවෙයි හතරක්ම. ඒවා අගල් 5 විතර ලොකුයි වගේම කෙරවලවල් ඔපදමලත් තියෙනවා.ඒ වගේම මේ කාර් එකට එකතුකරල තියෙනව පාරජම්බුල කිරණ අඩුකරන වීදුරු.

කාර් එකේ බාහිර ගැන විස්තර ටිකක් දැනගත්තනේ දැන් අපි මේ කාර් එකේ ඇන්ජිම ගැන පොඩ්ඩක් හොයල බලමු. 3.8 ලීටර් තේරෙන විදිහට කියනවනම් 3800 cc සිලින්ඩර 6ක (V6) VR38DETT Twin-Turbo ඇන්ජිමක් තමයි තියෙන්නෙ. මේකේ අශ්ව බල 545 ක් තියෙනවා. ඉතින් මේකෙ කොච්චර වේගෙන් යන්න පුලුවන්ද ඉලග ප්‍රශ්නෙ ඕකනේ හරි එහෙනම් බලන්නකො විස්තරේ මේ කාර් එකේ යන්න පුලුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 311 යි. ඉතින් මේ කාර් එකේ 0-97 Km/h speed කරන්න යන්නෙ තත්පර 3.2 වගේ සුලුවෙලවක්.

Nissan GT-R Engine
Nissan GT-R Engine

මේ කාර් එකේ ගියර් පද්ධතිය අනික් ඒවට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ මේකට තියෙන්නෙ වේග 6ක Semi Automatic Dual Clutch තාක්ෂණය සහිත ගියර් පද්ධතියක්. ඒ වගේම තමයි මේකේ ක්ලච් පැඩලයක් නෑ. මෙහි තිබෙන Dual Clutch තාක්ෂණය නිසා ගියර් මාරුවෙන එක ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා. ඇත්තටම එක ගියර් එකක ඉදන් අනික් ගියර් එකට මාරු වෙන්න යන්නෙ තත්පර 0.15 වගේ කාලයක්. එතකොට මොකක්ද මේ Dual Clutch තක්ෂණය ? හරි සරලව කිව්වොත් Clutch 2ක් තියෙනනිසා තමයි මෙහෙම කියන්නේ. ඔය Clutch දෙක වැඩකරන්නෙ මෙහෙමයි. එක Clutch එකක් ඔත්තේ ගියර් (1,3,5) සදහාත් අනික් Clutch එක ඉරට්ටේ ගියර් (2,4,6) සදහත් විදිහට තමයි වඩකරන්නේ. ඒකනිසා ගියර් මරුවීම ඉක්මනට සිද්දවෙනවා. මේ Nissan GT- R කාර් එකේ Driving Modes (පැදවීමේ ආකාර) 3ක් තියෙනවා. R- Mode, Normal Mode, Special Mode තමයි ඒ ආකර 3 වෙන්නේ. ඔය ආකාර තුනෙන් ඔය R- Mode කියන එකෙන් තමයි වැඩිම කාර්යක්ෂම ධාවනයක් ලබා දෙන්නෙ. එහිදී ඉක්මනට ගියර් මාරු කරන්න පුලුවන් වගේම Suspensions, Shocks සහ VDC(Vehicle Dynamic Control) කියන දේවල් කාර්යක්ෂම ධාවනයකට අවශ්‍යය විදිහට සැකසීමත් සිදු කරනවා. ඒ වගේම දෙවෙනි ආකාරය බාවිතා කරන්නෙ

Nissan GT-R Breaks
Nissan GT-R Breaks

එදිනෙදා ගමනෙ බිමනෙදි තමයි. Suspensions, Shocks සහ VDC වගේම ගියර් මාරු කිරීම ආදිය මෘදු (Soft) තත්වයට ගෙන ඒම සිදුවෙනවා. තුන්වන ආකාරය යොදා ගන්නේ දිගු දුර හෝ ලිස්සනසුලු පෘෂ්ඨ වල යද්දි තමයි. ඉතින් මේ ආකාරය මගින් Suspensions, Shocks වඩාත් සුවපහසු ආකරයට සැකසීම සිදුකරනවා. එම නිසා අපහසුවකින් තොරව දිගු ගමන් යන්න පුලුවන්.

ඒ වගේම තමයි මේ කාර් එක All-Wheel Drive වාහනයක්. All-Wheel Drive කියන්නෙ යොදන බලයෙන් 50/50 ඉදිරිපස සහ පි‍ටුපස ඇක්සල් වලට ලබා දීම. ජීටීආර් එකේ ඉලෙක්ට්‍රොනිකව පාලනය කරන All-Wheel Drive පද්ධතිය මගින් සියලුම බලය පි‍ටුපස රෝද වලට ලබගෙන එයින් 50% ක බලයක් ඉදිරිපස රෝද වලට මුදාහරිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *