Ford Mustang GT

හීලෑ නැති අශ්වයකුගේ සිංහ ගර්ජනාව: Ford Mustang

Ford සමාගම මේ මෝටර් රථ වර්ගය නිර්මාණය ආරම්භ කරන්නේ 1964 වර්ෂයේ. මේ කාර් එක නිර්මාණය කරන්නේ ඇමරිකාවේ Ford සමාගම විසින්. මේ අපි කතා කරන Ford Mustang 2017 කාර් එක Mustang පරම්පරාවෙ හයවෙනි පරම්පරාව හැටියටයි හදුන්වන්නෙ. මේ කාර් එක Muscle car වර්ගයට තමයි අයිති වෙන්නේ.

අපි කතා කරපු අනිත් බොහොමයක් carවල වගේම මේ car එකෙත් එන්ජිම තියෙන්නෙ ඉදිරිපස කොටසෙයි. ඒ වගේම තමයි මේ කාර් එකේ හතර දෙනෙකුට පහසුවෙන් යන්න පුලුවන් වුනාට මේකට තියෙන්නෙ දොරවල් දෙකයි. Evolution, GT-R වගේ කාර් වල 4wheel drive, all wheel drive වගේ පද්ධති තිබ්බනේ. ඒත් මේ කියන Ford Mustang රථයේ ඇංජිමෙන් බලය දෙන්නේ පිටිපස්සේ රෝද දෙකට විතරයි. ඒ කියන්නේ rear wheel drive කියන එක.

Nissan GT-R, Evolution වගේ කාර් වල ඇංජිම පනගැන්නු විට ඉතා මෘදු ප්‍රියමනාප හඩක් ඇසුනද, මේ Mustang එකක් start කලොත් පලාතම දෙදරන ගොරහැඩි හඩක් තමයි එන්නේ. හැබැයි ඒ muscle car වලටම ආවේනික වෙච්ච සද්දයක්. සමහර අයට මේක කරච්චලයක් වුනාට සමහර අය මේ සද්දෙට ගොඩක් කැමතියි. ඒ කොහොම උනත් මේ Ford Mustang කාර් ලංකාවෙත් කොලඹ පැත්තට ගියොත් බලාගන්න බැරි වෙන්නේ නෑ. කාර් එකේ පිටිපස්සේ lights වල තියෙන අමුතු මෝස්තරය නිසා ඕනම තැනක දැක්කොත් අදුරගන්න බැරි වෙන්නෙ නම් නෑ. ඒ වගේම කියන්න ඕන ඉදිරිපස head lights සහ ග්‍රිල් එක කාර් එකේ ලස්සන වැඩි කරනවා කිව්වොත් හරි.

Ford Mustang GT Front
Ford Mustang GT Front

මේ කාර් එකේ ලාන්ජනය හදන්නේ වයස අවුරුදු 27 ක තරුණයෙක්. ඔහු කලින් සේවය කරන්නේ GMC සමාගමේ. නමුත් ඔහු GMC සමාගමෙන් අයින් වෙලා Ford සමාගම සමග එකතු වෙනවා. ඊට පසුව මේ අලුත් මාදිලියේ නමටත් ඇමරිකාවටත් ගැලපෙන ලාංජනයක් ගැන ඔහු කල්පනා කලා. Mustang කියන්නෙත් හීලෑ නැති අශ්වයා කියන එක නිසා ඔහු සිරස් කුලුනු තුනක් මත වම් පසට දුවන අශ්වයෙක් ලාංජනය ලෙස තොරා ගන්නවා. මෙය ඉදිරිපත් කරන්න කලින් වෙනස්කම් කීපයක්  කරලත් තියෙනවා කියලයි කියන්නෙ.

මේ කාර් එකෙත් තොරගන්න Driving modes තියෙනවා. normal, snow/wet, sport කියන ආකාර තුන තමයි ‍තෝරාගැනීම් විදිහට තියෙන්නේ. ඉතින් මේ ආකාර වලින් රථය ඒ ඒ අවස්ථා වලදී පාලනය පහසු කරල දෙනවා.

මේ car එකේ එන්ජිම අනුව මාදිලි කිහිපයකින්ම නිෂ්පාදනය කරනව. ඒ තමයි EcoBoost, V6, GT සහ GT350 කියන මාදිලි හතර. මේ තියෙන්නේ ඒ එක එක මාදිලියේ විස්තර.

මාදිලිය එන්ජිම ධාරිතාවය බලය
EcoBoost I4 2.3 L (2253 cc) අශ්ව බල 310
V6 V6 3.7 L (3720 cc) අශ්ව බල 300
GT V8 5.0 L (4949 cc)  අශ්ව බල 435
GT350 V8 5.2 L (5163 cc) අශ්ව බල 526

මේ එන්ජින් වර්ග හතර ගැන කතා කරනවනම් ඒවට එකිනෙකට වෙනස් ගුණාංග තමයි තියෙන්නෙ. 2.3 L EcoBoost එන්ජිම ගැන කියනවනම් මෙක Twin-scroll turbochage තාක්ෂණයෙන් බලගන්වලා තියෙනව, ඒ වගෙම 3.7 L V6 එන්ජිම බලගන්වල තියෙන්නේ Ti-VCT තාක්ෂණයෙනුයි. 5.0 L V8 එන්ජිම ගැන කියනවනම්, Ford සමාගම කියන්නෙ මේ එන්ජිමෙන්  ප්‍රබල ශබ්දමය අත්දැකීමක් දෙන බවයි. ඒකත් ඇත්ත තමයි. මොකද 5000  cc ඇංජිමකින් කොච්චර ලොකු ශබ්දයක් එනව ඇතිද. 5000  cc එක එහෙමනම් 5200 cc ඇංජිමෙන් කොහොම සද්දයක් එයිද? හිතද්දිත් පිස්සු වගේනේ. මේ හැම ඇංජිමක්ම DOHC (Double Over Head Cam) ඝනයට තමයි අයිති වෙන්නේ.

Ford Mustang GT350 Interior
Ford Mustang GT350 Interior

ඒ වගේම මේ Ford Mustang කාර් එක අපට කැමති Transmission එකකින් ‍තෝරගන්න පුලුවන්. ඒ කිව්වේ අපට ඔනනම් auto gear නැත්නම් manual gear  කියන වර්ග දෙකෙන්ම තියෙනවා.

ඔන්න මේ කාර් එකේ ඇංජිම start කරන්න තියෙන්නෙ button එකක් ඔබලා. දැන් වෙළදපොලට එන ගොඩාක් වාහන වල මේ විදිහට තමයි start කරන්න තියෙන්නේ. ඉතින් මේකට යතුරකුත් නෑ. ඒ වෙනුවට තියෙන්නේ key fob (අපි කියන්නේ රිමෝට් කී එක කියල) එකක්. මේක සාක්කුවේ හෝ බෑග් එකේ තිබීම ප්‍රමාණවත් වෙනවා කාර් එකේ දොර ඇරගන්න හා ඇංජිම start කරගන්න. ස්වයන්ක්‍රීය ගියර් වාහනයක නම් brake එක පාගල button එක ඔබන්නයි තියෙන්නේ. manual ගියර් නම් brake එක හා clutch එක යන දෙකම පාගල  button එක ඔබපුවහම වාහනේ start වෙනවා.

මේ කාර් එකේ තවත් විශේෂත්වක් තමයි මේ කියන්නේ. අපි පාරේ යද්දි හදිස්සියේ ඉස්සරහ traffic එකක් තිබුනොත් මේ කාර් එකේ sensors මගින් ඒක හදුනාගෙන ස්වන්ක්‍රියව වාහනයේ වේගය අඩුකරගෙන තදබදය අයින් වු පසු නැවත පෙර වේගයටම පැමිණෙනවා. ඒ වගේම තමයි වාහනයේ ඉස්සරහ හැප්පෙන්න යනව නම් ශබ්දයක් මගින් එය දැනුම් දෙනවා. එයට නිසි වෙලාවට ක්‍රියා නොකලොත් තාවකාලිකව තිරිංග පද්ධතිය වාහනය යටතට ගෙන ඔයා break එක ගහද්දි උපරිම සංවේදීතාවයක් ලබා දෙන්න කටයුතු කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *