The Fast and the Furious 6 Dodge Charger Daytona

කාර් ලොව සුපිරි නළු: Dodge Charger

The Fast and the Furious කියන්නේ ලංකාවේ විතරක් නෙමේයි, මුළු ලෝකෙම ඉතාම ජනප්‍රිය චිත්‍රපට මාලාවක්. මේකේ තියෙන විවිධ වර්ගයේ car සහ ත්‍රාසජනක car scene නිසා, මේ චිත්‍රපට මාලාව ලංකාවේ රථගාය තියෙන අය අතර විශේෂයෙන් ජනප්‍රියයි. ඔබත් මේ චිත්‍රපට නරඹපු කෙනෙක් නම් ඔබ දන්නව, මේ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන Vin Diesel පණ පොවන Dominic Torreto හෙවත් Dom හැම විටම පාවිච්චි කරන්නේ එකම මාදිලියේ car කියල. ඒ තමයි Dodge Charger කාර් එක, ඒ මොකද Dom කියන්නේ Muscle car වලට කැමති කෙනෙක් නිසා. මේ තියෙන්න Dom එක එක චිත්‍රපටයේ පාවිච්චි කරපු car වල list එක.

  1. Fast and Furious 1 (Dodge Charger R/T 1970)
  2. Fast and Furious 4 (Dodge Charger R/T 1970)
  3. Fast and Furious 5 (Dodge Charger R/T 1970, Dodge Charger SRT 8 2010, Dodge Charger PP 2011)
  4. Fast and Furious 6 (Dodge Charger Daytona 1969, Dodge Charger SRT 8 2012)
  5. Fast and Furious 7 (Dodge Charger SRT 8 2014, Dodge Charger R/T 1968)
  6. Fast and Furious 8 (Dodge Charger R/T 1968)

 

විවිධ මාදිලියේ Dodge Charger කාර් අතරින් Dom වැඩිපුරම දක්නට ලැබෙන්නේ Dodge Charger R/T හා Dodge Charger SRT කාර් සමඟයි. Muscle car පවුලේම සාමාජිකයෙක් වෙන මේ Dodge Charger එක Saloon (Sedan) වර්ගයේ මෝටර් රථයක්. ඉදිරිපස ඇංජිම සහිත මේ කාර් එකේ දොරවල් හතරකින් යුක්තයි. ඉතින් මේකේ රියදුරු ඇතුලත්ව පස්දෙනෙකුට පහසුවෙන් යන්න පුලුවන්. 1966 පළමු පරම්පරාවෙන් ආරම්භය අරගෙන මේ වන විට Dodge Charger කාර් වල 7 වන පරම්පරාවේ ‍රැදී සිටිනවා.

Dodge Charger RT 1970 in the Fast and the Furious 1
Dodge Charger RT 1970 in the Fast and the Furious 1

හත්වන පරම්පරවේ Dodge Charger කාර් වල තියෙන මාදිලි තමයි, SE, SXT, R/T, Daytona, SRT සහ SRT Hellcat. මෙයින් SE සහ SXT කියන මූලික මාදිලිවල තියෙන්නෙ අශ්ව බල 292ක 3.6 L V6 Pentastar එන්ජිමක්. මේවායේ උපරිම වේගය පැයට කිලොමීටර් 200ක් පමණ තමයි වෙන්නේ. ඊට වැඩිය පොඩ්ඩක් performance වැඩි SXT+ කියල මාදිලියකුත් තියෙනව.

The Fast and the Furious චිත්‍රපටයේ නිතරම දක්නට ලැබෙන Dodge Charger R/T කාර් එක ගැන කියනවනම් මේකට අශ්ව බල 370ක 5.7 L V8 HEMI එන්ජිමක් තමයි තියෙන්නෙ. ඉතින් මේ කාර් එකේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 233ක උපරිම වේගයක් ගන්න පුලුවන්. ඒ වගේම තමයි මේකේ කිලෝමීටර් 0 – 96 වේගයක් ගන්න යන්නෙ තත්පර 5.1 වගේ කාලයක්. තව දුරටත් කිව්වොත් 0 – 160 kmph වේගයට එන්න යන්නෙ තත්පර 12.3 ක්. විශේෂයෙන් කියන්න ඕනෙ R/T කියන එකේ තේරුම Road/Track කියන එක. R/T එකේම performance පොඩ්ඩක් වැඩි කරල තමයි Dodge Charger Daytona කාර් එක හදල තියෙන්නෙ, හැබැයි Daytona එකේ තියෙන්නෙත් R/T එකේ එන්ජිමමයි.

Dodge Charger SRT එකේ තියෙන්නෙ අශ්ව බල 485ක 6.4 L V8 HEMI එන්ජින් එකක්. ඒ වගේම මේ car එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 301ක් පමණ වෙනව. මේ car එක මුල් කරගෙන, Daytona 392, R/T Scat Pack කියල මාදිලි දෙකකුත් නිෂ්පාදනය කරනව. ඒවායේ විස්තරත් බොහෝ දුරට SRT එකට සමානයි. Dodge Cgarger මාදිලි අතරින් බලවත්ම සහ ජවයෙන් වැඩිම මාදිලිය තමයි SRT Hellcat එක. මේ car එකේ තියෙන්නෙ අශ්ව බල 707ක 6.2 L V8 HEMI Supercharged එන්ජිමක්, එ නිසා මේ car එක පැයට කිලෝ මීටර් 0 – 98ට යන්න ගන්නෙ තත්පර 3.3 – 3.4 වගේ කාලයක්, ඒ වගෙම පැයට කිලෝ මීටර් 328ක උපරිම වේගයක් තියෙනව.

7th Generation Dodge Charger Models
7th Generation Dodge Charger Models

මේ කාර් වල තියෙන Performances බලපුවහම මේව ලංකාවේ කොහොම පදින්නද කියල හිතුවත්, දැනටමත් ලංකාවේ මේ Dodge Charger එකක් දෙකක් තියෙනව කියල තමයි ආරන්චි වෙන්නෙ. ඉතින් ඒ වගේම තමයි මේ කාර් එකේ ඉන්ධන ටැංකියට ලීටර 70ක ධාරිතාවක් තියෙනවා. හැබැයි මේ කාර් එකේ සාමාන්යයෙන් ලීටරයකින් කිලෝමීටර් 8 – 13 වගේ තමයි යන්න පුලුවන්. මේ Dodge Charger එකේ ගියර් පද්ධතිය ගැන කිව්වොත් ඒකේ තියෙන්නේ වේග 8ක ස්වයන්ක්‍රීය ගියර් පද්ධතියක්. ඒත් මේකේ සුක්කානමට දෙපසින් Manual gear paddle දෙකකුත් එනවා. ඒ වගේම තමයි මේ කාර් එක Rear-Wheel Drive වාහනයක්. ඒ කියන්නෙ ඇංජිමෙන් බලය දෙන්නේ පිටිපස්සේ රෝද වලට. මේ කාර් එකේ Gas-Pressurized Shock Absorbers තමයි යොදගෙන තියෙන්නේ. ඒ වගේම මේ කාර් එකේ Suspension සුසර (Tuned) කරල තියෙන්නේ Sport car එකකට සරිලන විදිහටයි. මේ Dodge Charger එකේ Exhaust Outlet දෙකක් තියෙනවා. ඒවා හදල තියෙන්නේ මල නොකන වානේ (සුදු යකඩ) වලින්. ඒවායේ පි‍ටුපස කෙලවර ක්‍රෝමියම් ආලේපිත බට වලින් නිමවා තියෙනවා. මේ කාර් එකට Dodge සමාගම කුඩා Spoiler එකක් තමයි යොදාගෙන තියෙන්නේ.

මේ කාර් එකේ ඉදිරිපස හැලජන් Lights හා පි‍ටුපස Lights සදහා LED Lights යොදාගෙන තියෙනවා. Day Time Running Lights තාක්ෂණය මේ Dodge කාර් එකටත් ඔවුන් එකතු කරල තියෙනවා. ඒ වගේම ඉදිරිපස Fog Lamps ද අන්තර්ගත වෙනවා. පිටිපස්සේ Tail Lights කාගෙත් සිත් ඇදගන්නා විදිහට නිර්මාණය කරල තියෙනවා කිව්වොත් හරි.  මේ කාර් එකේ දිග ගත්තොත් අගල් 198.4 විතර වෙනවා. ඒ වගේම තමයි පලල (පැති කණ්නාඩි නොමැතිව) අගල් 75 පමණ වෙනවා. කාර් එකේ මුලු උස අගල් 58.2 පමණ වෙන බවයි සදහන් වෙන්නේ.

වාහනයේ ඇතුලත ගැන බැලුවොත්, ඉදිරිපස තියෙන්නේ Sport ආසන වන අතරම ඒවා රත් කිරීමේ හැකියාවත් තියෙනවා. මෙහි රියදුරු අසුන ක්‍රම 8කට සැකසීමේ හැකියාවත් තියෙනවා. ඒ වගේම ඉදිරිපස මගී අසුන ආකාර 4කට සැකසිය හැක. මේ කාර් එකේ වේග මානය, Odometer, oil pressure, Engine coolant temp, RPM, oil temperature, Transmission fluid temp, Engine hour meter, Trip odometer සහ Trip computer කියන පරිමානයන්ගෙන් යුක්තයි. ඒ වගේම පි‍ටුපස බලන කණ්ණාඩි දවල්ට හා රෑට ස්වයන්ක්‍රියව අදුරු වීම සිදු වෙනවා.

ඉතින් මේ Charger කාර් එකේ ආරක්ෂාව ගැන හිතල Dodge සමාගම මේ කාර් එකට side Impact Beams යොදලා තියෙනවා. ඒ වගේම ඉදිරිපස රියදුරුව හා මගියාව ඉලක්ක කරගත් අදියර දෙකක පැති air bags වලින් සහ ඉදිරිපස air bags වලින් මේ  කාර් එක සමන්විතයි. ටයර් වල හුලං පීඩනය අඩු වීමකදී එයද රියදුරුට දැනුම් දීමක් කරනවා. පි‍ටුපස මගීන්ටත් air bags පහසුකම ලබාදීල තියෙනවා. මේ සියලුම air bags වැඩකරන්නේ සංවේදක මගින්.  එවගේම විශේෂම දෙය තමයි Unconnect Access Emergency (අනතුරක් සිදුවුන වෙලාවට button එකක් ඔබලා පොලිසියට ඒ බව දැනුම් දෙන්න පුලුවන්.) calls දීමේ හැකියාව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *