Lamborghini Huracán Pope Francis

පාප් වහන්සේටත් Lamborghini Huracán එකක් තියෙනව, අපේ හාමුදුරුවනේ

Lamborghini කාර් එකකට අකමැති කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඕනම රටක, ඕනම ජාතියක, ලොකු කුඩා ඕනම කෙනෙක් Lamborghini කාර් වලට කැමතියි. ඒ නිසා Lamborghini සමාගමට ලෝකය පුරා විවිධ පුද්ගලයන්ට කාර් deliver කරන්න වෙනව. මේ ලඟදි Lamborghini සමාගම ඒ වගේ car එකක් deliver කළා ඉතා විශේෂ පුද්ගලයෙකුට, මේ පුද්ගලයා කොයිතරම් විශේෂද කියනවනම්, Lamborghini සමාගමේ සභාපතිවරයා, ප්‍රධාන විධායක නිළධාරියා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයනුත් සහභාගී වුනා මේ car එක අයිතිකාරයට භාරදෙන අවස්ථාවට.

ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද මේ පුද්ගලයා කොයිතරම් විශේෂ පුද්ගලයෙක්ද කියල. මේ Lamborghini කාර් එකේ අයිතිකාරය තම්යි වර්තමාන පාප්වහන්සේ වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ. පුදුමයි නේද? පුදුමයි ඒත් ඇත්තයි. පාප් වහන්සේ වගේ කෙනෙක්ට Lamborghini එකක් තියෙනව කිව්වහම.

Making of Lamborghini Huracán LP 610-4 Pope Francis
Making of Lamborghini Huracán LP 610-4 Pope Francis

පාප් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම නිපදවල තියෙන මේ car එක හඳුන්වන්නේ Lamborghini Huracán LP 610-4 Pope Francis කියල. මේකෙ ‘LP’ කියල කියන්නේ Longitudinale Posteriore කියන එක, එහෙමත් නැත්නම් එන්ජිම තියෙන්නෙ පිටිපස්සෙ කියන එක. 610-4 කියන්නෙ මේකෙ එන්ජිමේ 610 PS (Metric Horsepower) තියෙනව කියන එක සහ four-wheel drive කියන එක. 610 PS කියන්නෙ දළ වශයෙන් අශ්ව බල 602ක් විතර. පැයට කිලෝමීටර් 0 – 100 ට යන්න තත්පර 3.2 ක් යන මේ Lamborghini එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 325 ක්. ඒ කියන්නෙ මේක ජවය සාමාන්‍ය Huracán එකක වගේම තමයි. ඊට අමතරව මේ car එක විශේෂ car එකක් කරන්න, පාප් වහන්සේගේ ඇඳුමෙ තියෙන රත්තරන් පටි වල මෝස්තරයට, මේ කාර් එකෙත් රත්තරන් පාටින් පාට කරල තියෙනව.

Lamborghini Huracán LP 610-4 Pope Francis vs Normal Popemobil
Lamborghini Huracán LP 610-4 Pope Francis vs Normal Popemobil

පාප් වහන්සේ මේ car එක පාවිච්චි කරන්නෙ කොහොමද කියල ඔයාල හිතනව ඇති නේද? ඇත්තම කියනවනම් පාප් වහන්සේ මේ Lamborghini එක පාවිච්චි කරන්නෙ නෑ. ඒක උන්වහන්සේට භාර දුන්නු වෙලාවෙම මේකට ආශිර්වාද කරල, එතුමාගේ අත්සන තියල වෙන්දේසි කරන්න භාර දීල තියෙනව Sotheby’s කියන වෙන්දේසිකරුවන්ට. සාමන්‍යයෙන් මේ වගේ Lamborghini Huracán එකක මිල ඇමරිකානු ඩොලර් 237,000 ක විතර වෙනව, නමුත් මේ car එක ඊට වඩා වැඩි මුදලකට අලෙවි වේවි කියල තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඒ ලැබෙන මුදල් ඉරාකයේ Nineveh තැනිතලා වල හානියට පත්වූ ක‍තෝලික පල්ලි සහ කිතුනුවන්ගේ නිවාස නැවත ගොඩනැගීමට, ඉතාලියේ ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම් නැවතීමට සහ අප්‍රිකාවේ විපතට පත්වූ කාන්තාවන්ට සහ දරුවන්ට සහනාධාර කටයුතු වලට යොමු කරන්න බලාපොරොත්තු වෙනව කියල තමයි ආරන්චි වෙන්නේ.

Harley-Davidson FXDC Dyna Super Glide Signed by the Pontiff
Harley-Davidson FXDC Dyna Super Glide Signed by the Pontiff

ඉතාලියානුවො පාප්වහන්සේට ඉතාම ගෞරව කරනව, අනෙකුත් රටවල ක‍තෝලික බැතිමතුනුත් එහෙමයි, ඒ නිසා පාප් වහන්සේට නිතරම මේ වගේ, එතුමාට අවශ්‍ය නැති සහ නොගැලපෙන තෑගි නිතරම ලැබෙනව. ඒ බොහොමයක් දේවලුත් වෙන්දේසි කරන එක තමයි කරන්නෙ. 2014 වසරේදීත් පාප් වහන්සේට Harley-Davidson මෝටර් බයිසිකලයක් සහ leather jacket එකක් තෑගි ලැබුණා. මෙම මෝටර් බයිසිකලය Harley-Davidson FXDC Dyna Super Glide මාදිලියට අයත්, 1584 CC, air-cooled Twin Cam 96B එන්ජිමකින් සමන්විත, 2013 වසරේ නිපදවන ලද්දක් වන අතර, එයද මේ අයුරින්ම පාප් වහන්සේගේ අත්සන තබා, පැරීසියේ Bonhams වෙන්දේසියේදී වෙන්දේසි කෙරුණා. Leather jacket එකද පාප් වහන්සේගේ අත්සන තබා, ඒ සමඟම වෙන්දේසි කළ අතර, මෝටර් බයිසිකලය ඇමරිකානු ඩොලර් 327,000 කටද, leather jacket එක ඇමරිකානු ඩොලර් 77,485 කටද අලෙවි විය. සාමාන්‍ය Harley-Davidson FXDC Dyna Super Glide එකක මිල ඇමරිකානු ඩොලර් 13,000 (රුපියල් ලක්ෂ 20) ක් විතර වුනත්, පාප් වහන්සේ විසින් අත්සන් කිරීම නිසා එහි වටිනාකම 25 ගුණයකින් පමණ වැඩි වෙලා තියෙනව. මේකෙන් ලැබුනු ආදායම රෝමයේ Termini දුම්රිය ස්ථානයේ අළුත්වැඩියා කටයුතු සඳහා යොදවා තිබෙනවා කියල තමයි ආරන්චි වෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *