Christmas Tree with G-Wiz!

ගියපාර නත්තල් ගහ වෙලාවට ගේන්න බැරි වුනාද? car එක මාරු කලොත් නරකද?

නත්තලත් ලඟ ලඟම එන එකේ, නත්තලට සූදානම් වෙන, රථගාය තියෙන අයට හොඳ ඉඟියක් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. සමහරවිට ගිය අවුරුද්දේ නත්තලේදි, ඔයාටත් මේ ඇබැද්දිය වෙන්න ඇති. නත්තල් ගහක් ගේන්න කියල ගෙදර අය සති ගානක ඉඳන් කිව්වත්, office එකේ වැඩයි, car එකේ වැඩයි නිසා, කල් ඇර ඇර ඉන්නව. ගෙදර අයගෙ කරදරෙන් බේරෙන්නම බැරි නිසා, අන්තිමට, දෙසැම්බර් 23 වෙනිද උදේ 10.49ට car එකේ යතුරත් අරගෙන එලියට බහිනව. Lock එක අරින්න button එක press කරනකොට තමයි මතක් වෙන්නෙ, ඔයාට තියෙන්නෙ Renault Kwid එකක්, Suzuki WagonR එකක්, එහෙමත් නැත්නම් Toyota Aqua එකක් කියල. Kwid එකක් හරි, WagonR එකක් හරි, Aqua එකක් හරි තියාගෙන කොහොමද, නත්තල් ගහකුත් පටවගෙන වේගෙන් එන්නෙ. ඒකට තියෙන්න ඕනෙ, නත්තල් ගහක් පටවන්න වගේම වෙගෙන් යන්නත් පුළුවන් වාහනයක්. නමුත් මොකක්ද ඒකට සුදුසුම වාහනේ? ඔයාලා හිතන්නෙ උඩ තියෙන පින්තූරෙ තියෙන පුංචි G-Wiz! electric කාර් එක කියලද? අපොයි නෑ.

ඇත්තම සිද්ධිය දැන ගන්න මේ පින්තූරේ බලන්නකෝ!

මාර ප්‍රශ්ණයක්නෙ?

මේ ප්‍රශ්නයම ඇතිවුනා ඇමරිකාවේ Hennessey Performace එකේ කට්ටියට (Hennessey Performance කියන්නෙ මොකක්ද කියල දැන් කියන්න බෑ, ඒක වෙනමම කතා කරන්න ඕනෙ මාතෘකාවක්, එච්චරට දේවල් තියෙනව කියන්න). ඉතින් මෙයාල test කරල බැලුව, නත්තල් ගහකුත් බැඳගෙන, car එකක කොච්චර වේගෙන් යන්න පුළුවන්ද කියල. ඒකට ‍තෝරාගෙන තිබුනේ Dodge Challenger SRT Hellcat Widebody එකක්. Hennessey Performance එකේ කට්ටිය කලේ, Hellcat එකේ වහලෙට roof rack එකක් හයි කරල, ඒකට නත්තල් ගහක් බැඳල, කොච්චර වේගෙන් යන්න පුළුවන්ද කියල බලපු එක.

Dodge Challenger

රථගාය තියෙන අයට නම්, Dodge Challenger ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ! ඒත් හැමෝටම දැන ගන්නත් එක්ක, Dodge Challenger කාර් එක ගැන Lorry talks ටිකක් දෙන්න කලිපනා කළා. Dodge Challenger කියන්න ඇමරිකාවෙ Dodge සමාගම 1970 දී මුලින්ම නිෂ්පාදනය කරපු, ඒ වගේම අපි කලින් කතා කරපු Dodge Charger කාර් එකේ බාල සහෝදරයා. මේ වන විට තුන්වන පරම්පරාවේ ‍රැඳී සිටින Dodge Challenger එකේ තියෙන මාදිලි තමයි, SXT, R/T, T/A, SRT, SRT Hellcat, සහ SRT Demon.

Dodge Challenger Models

Dodge Challenger SXT, Dodge Challenger R/T

SXT මාදිලිය තමයි performance අඩුම මාදිලිය. මේකට තියෙන්නෙ අශ්ව බල 305ක 3.6L Pentastar V6 එන්ජිමක්. සාමාන්‍ය SXT එකට වඩා පහසුකම් සහිත SXT+ කියල මාදිලියකුත්, All-wheel drive පහසුකම තියෙන GT AWD කියල මාදිලියකුත් තියෙනව. අශ්ව බල 372ක, 5.7L HEMI V8 එන්ජිමක් තියෙන මාදිලිය හඳුන්වන්නෙ R/T කියල. ඒ එන්ජිමම තියෙන, වැඩි පහසුකම් සහිත වගේම අශ්වබල 375ක් නිපදවන මාදිලිය හඳුන්වන්නෙ R/T+ කියල. අශ්ව බල 485ක, 6.4L 392 HEMI V8 එන්ජිමක් තියෙන, R/T Scat Pack කියල මාදිලියකුත් තියෙනව. මේ හැම R/T model එකක්ම ‘Shaker’ Induction Hood එකක් ඉස්සරහ bonet එකට සවි කරල ගන්නත් පුළුවන්, ඒව හඳුන්වන් විදිහ පිළිවෙලින් කිව්වොත්, R/T Shaker, R/T+ Shaker, 392 HEMI Scat Pack Shaker (R/T Scat Pack Shaker).

Dodge Challenger T/A

R/T (Road/Track) මාදිලියට අමතරව, T/A (Trans Am) කියල model එකකුත් තියෙනව. Car racing සඳහා අතීතයේ නිපදවපු Dodge Challenger එකක් සිහි වෙන්න තමයි මේ නම දාල තියෙන්නෙ (කලින් article එකේදි කතා කරපු Dodge Charger Daytona එක වගේ). නම විතරක් නෙමෙයි, මේ model එකේ performance එකත් racing වලට ගැලපෙනවා. T/A එකේ තියෙන්නෙ R/T මාදිලියෙ තියෙන, අශ්වබල 375ක් නිපදවන 5.7L HEMI V8 එන්ජිමම තමයි. ඊට අමතරව තව පහසුකම් වැඩි T/A+ කියල model එකකුත්, කලින් කියපු R/T Scat Pack මාදිලියෙ තියෙන, අශ්ව බල 485ක් නිපදවන 6.4L 392 HEMI V8 එන්ජිම තියෙන T/A 392 කියල model එකකුත් තියෙනව. R/T මාදිලි වල තියෙන එන්ජිමම තිබුත්, T/A මාදිලියේ විශේෂ අංගයක් තියෙනව, ඒ තමයි, ඉදිරිපස light හතරෙන් ඇතුල් පැත්තෙ තියෙන light දෙක අයින් කරල, එන්ජිමට සිසිල් වාතය සපයන කවුළු දෙකක් හදල තියෙන එක. මෙමගින් එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා.

Dodge Challenger SRT

Dodge Challenger කාර් වල, performance වැඩිම කාණ්ඩය තමයි, SRT මාදිලිය. මෙයින්, SRT 392 කියන මාදිලියේ තියෙන්නේ, කලින් කියපු R/T Scat Pack, T/A 392 මාදිලි වල තියෙන 6.4L 392 HEMI V8 එන්ජිමම තමයි, නමුත් SRT 392 කාර් එකේ performance එක අනිත් model දෙකට වඩා වැඩියි. Dodge Challenger මාදිලි අතරින්, බලයෙන් සහ ජවයෙන් වැඩිම model එක තමයි SRT Hellcat එක (හරියට Dodge Charger SRT Hellcat එක වගේ). Hellcat එකට තියෙන්නෙ අශ්ව බල 707ක 6.2L HEMI SRT V8 Supercharged එන්ජිමක්. මේ car එකට පැයට කිලෝ මීටර් 0 – 100ට යන්න ගන්නේ තත්පර 3.9ක්, ඒ වගේම උපරිම වේගය පැයට කිලෝ මීටර් 320ක්. SRT Hellcat Widebody කියල තවත් මාදිලියක් තියෙනව, ඒකත් SRT Hellcat එක වගේම තමයි, වෙනසකට තියෙන්නේ, නමේම තියෙනව වගේ පළල වැඩි එක විතරයි. සාමාන්‍ය Hellcat එකේ තියෙන මිලි මීටර් 275ක් පළල ටයර් වෙනුවට, මිලි මීටර් 305ක් පළල ටයර් දාල තියෙන නිසා තමයි මේ model එකේ පළල වැඩි.

SRT Hellcat එක ඇසුරින්ම නිපදවූ SRT Demon කියල මාදිලියකුත් තියෙනව. SRT Demon එක ගැන විස්තර කියනවනම්, කියන්න තියෙන්නෙ…….. මතු සම්බන්ඳයි!

Dodge Challenger SRT Hellcat Widebody සහ නත්තල් ගහ

හරි, දැන් හමෝටම තේරෙනවනෙ Hellcat එකත් එසේ මෙසේ car එකක් නෙමෙයි කියල! හිතාගන්න පුළුවන්ද, නත්තල් ගහත් බැඳගෙන, Hellcat එකට කොච්චර වේගෙන් යන්න පුළුවන් වුනාද කියල… ඔය පහල තියෙන video එක! බලාගන්නකො….

දැක්ක නේද? වාර්තා වෙන හැටියට පැයට කිලෝමීටර් 280ක (පැයට සැතපුම් 174) වේගෙන් ගිහින් තියෙනව. ඉතින්, ඉතාම ඉක්මනින් නත්තල් ගහක් ගේන්න ඕනෙ නම් මීට වැඩිය හොඳ කාර් එකක් කොහෙද?

ප.ලි.

ගිය අවුරුද්දෙ දෙසැම්බර් 23 වෙනිද රාහු කාලය තිබුනෙ උදේ 9.18 ඉඳන් 10.48ට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *