2020 Land Rover Defender

දන්න කියන කෙනෙක් අළුත් වෙලා: 2020 Land Rover Defender

Land Rover Defender කියන්නෙ මුළු ලෝකෙම දන්න වාහනයක්. සමහර දෙනෙක්ට Defender කියන්නෙ වාහනයකට එහා ගිය දෙයක්.

ආරම්භය

මේක නිෂ්පාදනය ආරම්භවුනේ 1983. 1983 සිට 1990 දක්වා මෙය හැඳින්වුනේ Land Rover One-Ten (110) සහ Land Rover Ninety(90) යනුවෙනුයි. Wheel base එක අඟල් 110 මාදිලිය හැඳින්වුනේ One-Ten යනුවෙනුයි. Ninety යනුවෙන් හැඳින්වුනේ Wheel base එක අඟල් 93 වුනු මාදිලියයි. බොහෝ දෙනෙක් නොදන්නව වුනත්, 127 කියල මාදිලියකුත් තියෙනව (Wheel base එක guess කරල පහළ Comments වල දාන්න). මේ හැම එකේම විවිධ body types තියෙන variant බොහෝමයක් තියෙනවා. මේ Defender එකේ තියෙන්නෙ body-on frame සැකසුමක්, ඒ කියන්නෙ chassis එක උඩ body එක සවි කරපු සැකසුමක්.

Difender නම නඳුන්වාදීම

1989 Land Rover Discovery එක ආවට පස්සෙ, මේකටත් නමක් දාගන්න ඕනෙ වුනා. ඒ නිසා 1990දි තමයි මේකට Defender කියන නම දැම්මෙ. ඉන් පසු 110 එක Defender 110 යනුවෙනුත්, 90 එක Defender 90 යනුවෙනුත් හැඳින්වුනා. 127 එක Defender 130 හැටියට නම වෙනස් කලා. නම වෙනස් වුනත්, 1983 ඉඳන් අද වෙනකන් මේකේ පෙනුමෙනම් ලොකු වෙනසක් වෙලා නෑ.

නිෂ්පාදනය නවතා දැමීම

ලංකාවෙ බොහෝ දෙනෙක් නොදන්නව වුනත්, 2016 ජනවාරි වල Defender එකේ නිෂ්පාදනය නවතා දැමුනා. ඒ නිරන්තරයෙන් අළුත්වන safety regulations වලට අවශ්‍ය උපාංග සවිකරන්න, මේ පරණ design එකේ ඉඩ මදි නිසා. මේ ගැටළුව කලින් ඉඳන්ම තිබුන නිසා, Land Rover එකෙන් කලින්ම අලුත් Defender මාදිලියක consept එකක් කරල තිබුනෙ. 2011 Frankfurt Motor Show එකේදි එලියට දැම්ම DC100 කියල.

2020 Land Rover Defender

කෙසේ නමුත්, 2019 Frankfurt Motor Show එකේදි, 2020 Defender එක එලියට දැම්ම. 1983 සිට 2016 දක්වා තිබුනු design එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් design එකක් තමයි මේකට තියෙන්නෙ. මුළු ලෝකෙම රථ වාහන නීති වලට අනුගත වෙන්න හදල තියෙන අළුත්ම 2020 Defender එක රටවල් 128ක පමණ විකුණන්න Land Rover සමාගම බලාපොරොත්තු වෙනවා.

නිෂ්පාදනය සහ තොරතුරු

මෙ car එක නිෂ්පාදනය කරන්නෙ, ස්ලෝවේකියාවේ, Nitraහී පිහිටි කර්මාන්ත ශාලාවේදීයි. මේ අළුත් Defender එකට, කලින් model එකේ කිසිම කොටසක් භාවිතා කරල නැති නමුත්, 110 සහ 90 කියල නම් දෙක අළුත් model එකටත් භාවිතා වෙනවා. 110 සහ 90 මාදිලි දෙකම මේ එන්ජින් මාදිලි වලින් ලබාගන්න පුළුවන්. ඊට අමතරව PHEV මාදිලියක්ද, ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතයි. 110 මාදිලිය air suspension වලින් සමන්විත වන අතර, ඊට මිලි මීටර් 291 දක්වා වන ground clearance එකක් ලබාගත හැකියි. සාමාන්‍ය 90 මාදිලිය coil spring suspension වලින් සමන්විත වන අතර එහි ground clearance එක මිලි මීටර් 226ක්, අවශ්‍යනම් 90 මාදිලියටත් air suspension ලබාගෙන, එය මිලි මීටර් 291 දක්වා වැඩි කරගන්න පුළුවන්. අලුත් Defender එකට මිලි මීටර් 900ක් ගැඹුර ජලයේ ගමන් කරන්න පුළුවන්.

පහසුකම්

බොහොමයක් අළුත් වාහන වල වගේම, අළුත් Defender එකෙත් තියෙන්නෙ unibody එහෙම නැත්නම් monocoque සැකසුමක්. අළුත් Defender එකේ permanent all-wheel drive පද්ධතියක්, locking differentials සහ වේග දෙකක transfer case එකක් අඩංගු වනවා. 2020 Defender එක Standard, S, SE, HSE සහ X කියන trim line වලින් ගන්න පුළුවන්. කලින් Defender එකේ තිබුනෙ simple design එකක් වුනත්, අළුත් Defender එකේ හැම වාහනයකටම, 18-inch alloy wheel, LED Headlight ලැබෙනව. ඇතුළෙ තිබුණු රළු පෙනුම වෙනුවට, 2020 Defender එකේ තියෙන්නෙ, Discovery, Range Rover වලට සමාන සැප පහසු පෙනුමක්. අඟල් 10.0ක තිරයකින් සමන්විත, Jaguar Land Rover සමාගමේ Pivi Pro infotainment system එකකුත් ඊට ඇතුළත්වනවා. ඉදිරියේදී, විවිධ body types වල variant රාශියක් නිපදවීමට Land Rover සමාගම බලාපොරොත්තු වනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *