Koenigsegg Gemera

Koenigsegg Gemera: ලොව පලමු ආසන හතරේ hypercar එක

Koenigsegg කියන්නෙ ලංකාවෙ වැඩිය ප‍්‍රසිද්ධ වාහන වර්ගයක් නෙමෙයි. මොකද Koenigsegg සමාගම දැනට හදල තියෙන්නෙ වාහන අතලොස්සයි. නමුත් ලොව පුරා රථගාය තියෙන අය උමතු කරන්න Koenigsegg වාහන සමත් වුනා. මොකද කියනවනම්, කලින් කවුරුත් හිතපුවත් නැති දෙවල් රැසක් Koenigsegg සමාගම ලොවට හඳුන්වා දුන්නා. ලොවම පුදුම කරපු, ඔවුන්ගේ නවතම හඳුන්වාදීම තමයි Koenigsegg Gemira කියන්නෙ. මේකෙ තියෙන විශේෂත්වය, මේක තමයි ලොව පළමු ආසන හතරේ hypercar එක. ඒ විතරක් නෙමෙයි, Koenigsegg සමාගම හදන පළමු ආසන හතරේ මෝටර් රථයත් මේකයි.

Gemera

ස්වීඩන් භාශාවෙන් gemera කියන්නෙ “give more” යන්නයි. “to give more” යන අරුථ දීමට මෙම නම තබා ඇත. Koenigsegg සමාගම නම් කැමති මේකට megacar එකක් කියන්න (Megacar කියන්නෙත් එයාලම ලෝකෙට හඳුන්වාදීපු සංකල්පයක් තමයි) Corona වෛරසය නිසා, 2020 මාර්තු 03 වෙනිද online broadcast එකක් හරහා තමයි මේක ලෝකයට හඳුන්වා දුන්නෙ. මේ මෝටර් රථයෙ තියෙන්නෙ inline three cylinder එන්ජිමක්. ඒකෙන් බලය සපයන්නෙ ඉදිරිපස රෝදවලට පමණයි (හරියට ඔයාලගෙ Suzuki WagonR එකේ වගේ). නමුත් මේක අශ්ව බල 592ක් නිපදවන, 2.0L twin-turbocharged එන්ජිමක්. ඊට අමතරව මෙහි විද්‍යුත් මෝටර් තුනක්ද (ඉදිරිපස එකක් සහ පිටුපස දෙකක්) අන්තර්ගත වනවා. මේ සියල්ල එක්ව ගත්කළ, මෙම මෝටර් රථය අශ්වබල 1,677ක් නිපදවනවා.

අශ්වබල 1,677 = කිලෝ වොට් 1,250 = මෙගා වොට් 1.25

ඒක තමයි මේකට megacar එකක් කියන්නෙ

මෙහි එක්වරකට යා හැකි දුර කිලෝ මීටර් 1000ක්

  • 15 kWh Battery – 50 Km
  • 75L Fuel tank – 950 Km

අද කාලෙ නිපදවන බොහොමයක් hypercar සම්පුර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන එවායි. එහෙම එකක් හදන්නෙ නැත්තෙ, එන්ජිමෙන් එන හඬට ඔවුන් තවමත් කැමති නිසා කියලයි Koenigsegg සමාගම කියන්නෙ. ඒ නිසා වෙන්න ඕනෙ, මේකට Akrapovič සමාගම හදපු titanium exhaust system එකක් පාවිච්චි කරල තියෙන්නෙ.

Koenigsegg Gemera Interior
Koenigsegg Gemera Interior

පහසුකම්

Koenigsegg සමාගම හදපු පළමු all-wheel-drive මාදිලිය වන මෙහි all-wheel steering සහ torque vectoring තාක්ෂණයන් අඩංගු වනවා. ආසන හතරක් තිබුනත්, මෙහි තියෙන්නෙ විශාල, Koenigsegg මෝටර් රථ වලට ආවේනික dihederal දොරවල් දෙකක් පමණයි. එසේ වුවත්, ඉදිරිපස ආසන නැමීමෙන් හෝ ඉදිරියට යැවීමෙන් තොරව පහසුවෙන් පිටු පස ආසන වලට නැගීමට හැකියි. මෙහි තවත් විශේෂත්වයක් වන්නෙ, බොහෝ දොර දෙකේ මෝටර් රථ වල පවා දක්නට ලැබෙන B-pillar එකක් මෙහි නොමැති වීමයි. අධි බලැති hypercar එකක් වුවත්, මෙහි ගමන් ගන්නා හතර දෙනාටම උණුසුම් cup holder හතරක් සහ සිසිල් cup holder හතරක් පවා සපයා තිබෙනවා. ඊට අමතරව ඉදිරිපසට හා පිටුපසට දෙකටම infotainment system හා wireless charging පහසුකම ලැබෙනවා. තවද,Apple CarPlay, Wi-Fi සම්බන්ධතාවය, three-zone වායු සමීකරණ පද්ධතියක්, ස්පීකර් 11ක audio system එකක් ආදී ඔයාලගෙHonda Civic එකේ තිබෙන හැම පහසුකමක්ම ඇතුළත්. වෙන කිසිම hypercat එකක නැති luggage space එකක් මේකෙ තියෙනව, ලීටර් 200ක්.

වේගය

පැයට කිලෝමීටර් 400ක (පැයට සැතපුම් 249ක) උපරිම වේගයක් තිබෙන මේ car එකට පැයට කිලෝමීටර් 0-100ට (පැයට සැතපුම් 0-62ට) යන්න යන්නෙ තත්පර 1.9ක්. විදුලි බලයෙන් පමණක් යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 300ක් (පැයට සැතපුම් 186ක්). මේ car එකට E85 bio fuel සහ පෙට‍්‍රල් යන ඉන්ධන වර්ග දෙකෙම භාවිතා කරන්න පුළුවන්. Gemera එකට කලින් කියපු උපරිම බලය ගන්න පුළුවන් E85 වලින් ධාවන වන විට පමණයි. මෑත කාලයේ නිෂ්පාදනය වුණු බොහෝ Koenigsegg වගේම මේ car එකෙත්, remote key එක භාවිතයෙන් දෙපස දොරවල් සහ ඉදිරිපස පිටුපස දොරවල් සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන්.

මිල

Koenigsegg Gemera එකක මිල නියම කර ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 1.7ක් ලෙසයි. නමුත් ආසන හතරේ මෝටර් රථයකට එය නොවටිනා ගණනක්. ඒවුනත් ඔයාල car sale එකකට ගිහින් අහල බැලූවොත්, ආසන දෙකේ hypercar එකකුත් ඒ ගණන් වෙනව. (Bugatti Chiron ඇමරිකන් ඩොලර් මිලියන 2.99) ඒ ගානට තව ආසන දෙකකුත් ලැබෙන එකේ, Gemera එක මේ ගානට අත උඩින් ලාබයි කියලයි Koenigsegg සමාගම කියන්නෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *