Koenigsegg Regera Burnout

LaFerrari, Porsche 918, McLaren P1 කැලේ! මෙන්න අළුතින් ආපු රස එක, Koenigsegg Regera

අපි කළින් කතා කළා, ඉන්ධන ඉතිරි කිරීම සහ පරිසර දූෂණය අවම කිරීම කියන දෙයින් ඔබ්බට ගිහින්, hybrid තාක්ෂණය යොදාගෙන super car එකක් hyper car එකක් කරන්න මෝටර් රථ සමාගම් සමත්වෙලා තියෙන්නෙ කොහොමද කියලා. එතනදි අපි කතා කරපු Porsche 918, Ferrari LaFerrari, McLaren P1, Honda NSX කාර් වලටත් ඇඬෙන විදිහේ car එකක් අළුතින් ඇවිත් තියෙනවා. ඒ තමයි Koenigsegg Regera.

Koenigsegg කියන්නෙ ලංකාවෙ අපට ඒ තරම් හුරුපුරුදු නමක් නොවුනත්, ලෝකයේ අනිත් රටවල රථගාය තියෙන අය පිස්සු වට්ටන car වර්ගයක්. අනිත් මෝටර් රථ සමාගම් එකම තාක්ෂණය අවුරුදු ගානක් භාවිතා කරන කොට, Koenigsegg සමාගම මාදිලියෙන් මාදිලියට අළුත් අළුත් තාක්ෂණයන් හඳුන්වා දුන්නා.

Regera

Koenigsegg Regera
Koenigsegg Regera

ස්වීඩන් භාෂාවෙන් Regera කියන්නෙ ‘to reign’ එහෙම නැත්නම් ‘to rule’ කියන එක. මේකෙ ඇතුළත් වෙන්නෙ 5.0L twin turbo V8 එන්ජින් එකක්. මෙයින් අශ්ව බල 1,100ක් නිපදවන අතර 1,280 Nmක torque එකක් ලබා දෙනවා. අශ්ව බල 215ක එක් electric මෝටරයක් crankshaft එකට සවි කර ඇති අතර ඉන් එන්ජිම පණගැන්වීම, විදුලිය උත්පාදනය කිරීම සහ එන්ජිමට සහය දැක්වීම යන කාර්යයන් සිදු කරනවා. අශ්ව බල 241 මෝටර් දෙකක් පසුපස රෝද දෙකට සවිකර තිබෙනවා. Regera එකේ උපරිම වේගය 404 Km/h (251 mph) වන අතර 0-100 Km/h යාමට ගතවන්නේ තත්පර 2.8ක්. මේහා සමාන වේගයක්, බලයක් තියෙන වෙනත් supercar, hypercar බොහෝමයක් තිබුනත්, එවායෙන් නොලැබෙන සැප පහසුවක් මේ car එකේ තිබීම තමයි Regera එකේ විශේෂත්වය.

Regera කාර් එකේ ඇතුළත්වෙන අළුත්ම තාක්ෂණයන් කිහිපයක් තමයි මේ,

New Technology in Regera
New Technology in Regera

Koenigsegg Direct-Drive

අපි කලින් කතා කරපු hybrid hypercar වල වගේම මේ car එකෙත් සාමාන්‍ය එන්ජිමකුයි බැටරි බලයෙන් ක්‍රියාත්මක වන electric මෝටර් තුනකුයි තියෙනවා. නමුත් Regera එකේ තිබෙන විශේෂත්වය තමයි, electric මෝටර් මගින් එන්ජිමට උදවු කරනවාට අමතරව සාමාන්‍ය gear box එකක කාර්යය සිදු කිරීම. එයින් ලැබෙන වාසිය නම්, ගියර් මාරුකිරීමට හෝ turbo එකේ උපරිම බලය ලැබෙනතෙක් බලා සිටීමට අවශ්‍ය නැතිව ක්ෂණිකව උපරිම බලය රෝදවලට ලබා දීමට හැකි වීමයි. Koenigsegg Direct Drive (KDD) ලෙස හඳුන්වන මෙම තාක්ෂණය නිසා ගියර් පද්ධතියට යන බර සම්පූර්ණයෙන්ම අඩු වනවා. ඒ නිසා Regera එකේ තියෙන්නෙ 1 ගියර් එකයි. (එහෙම කරල ඉතුරු කරගත්ත ගියර් වලට මොකද කළේ කියල ඉදිරි ලිපියකින් බලමු)

Koenigsegg Direct-Drive

HydraCoup

මේකෙන් කරන කාර්යය ටිකක් විතර සාමාන්‍ය වාහනයක clutch එකට සමානයි. KDD පද්ධතියේ තියෙන්නෙ එක ගියරයක් නිසා හැම වෙලේම 7 වෙනි ගියර් එකේ තියෙනව වගේ තමයි එන්ජිම දුවන්නෙ. ඒ නිසා torque එක අවශ්‍ය වෙලාවට, අවශ්‍ය පරිදි ලබා දෙන්නේ electric මෝටර් වලින් කියල අපි කිව්වා. එන්ජිමෙනුයි මෝටර් වලිනුයි එන බලය සමතුලනය කරල රෝද වලට ලබාදෙන්නෙ මේ HydraCoup එකෙන්.

Autoskin

Autoskin කියන්නෙ Regera එකෙන් ලොවට හඳුන්වා දීපු, දෙපස දොරවල් සහ ඉදිරිපස පසුපස දොරවල් remote එක මගින් විවෘත කිරිමට හැකි Koenigsegg සමාගමේ තාක්ෂණයයි. සාමාන්‍යයෙන් මේ වගේ automated system එකක් වාහනේකට සවි කරනකොට ලොකු බරක් එකතු වෙනවා. නමුත් Regera එකේ ඉදිරිපස ත‍ටුව, පි‍ටුපස ත‍ටුව, සහ ride height එක වෙනස් කිරීමට භාවිතා කරන හයිඩ්‍රොලික් පද්ධතියම යොදාගෙන, වෙනත් වාහන වල දොරවල් එසවීමට භාවිතා කරන gas strut වෙනුවට Hydraulic lifters සම්බන්ධ කරල මේ සවයංක්‍රීය පද්ධතිය නිපදවල තියෙනවා.

Fishtail exhaust

Koenigsegg Regera Exhaust
Koenigsegg Regera Exhaust

ඕන කෙනෙකුට බැලූ බැල්මට හිතෙන්නෙ මේකේ පිටිපස්සෙ යට තියෙන ලොකු දිගටි රවුම තමයි මේකේ දුම් බටය කියල. ඇත්තටම ඒකත් එක්තරා විදිහක දුම් බටයක් තමයි. Battery pack එකෙන් පිටවන තාපය එළියට දාන්නෙ එතැනින්. නමුත් මේකෙ ඇත්තම දුම් බටය තියෙන්නෙ යටම තියෙන diffuser එකේ fin එකක් හැටියට. ඒක design කරල තියෙන්නෙ මාළුවෙකුගෙ වරලක හැඩයට. Titanium, Inconel, සහ මල නොබැ‍ඳෙන වානේ වලින් නිෂ්පාදනය කරල තියෙන මේ දුම්බටය, ගොඩක් Koenigsegg මෝටර් රථවල exhaust system නිෂ්පාදනය කරන Akrapovič සමාගමේ සහයෝගීත්වයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. මේ අළුත් design එක නිසා Regera එකට වෙන කිසිම car එකක නැති හඬක් ලැබිල තියෙනවා.

ඇමරිකන් ඩොලර් මිලියන 2 කට මිල නියම කර ඇති Regera මාදිලියේ මෝටර් රථ 80ක් පමණක් නිපදවීමට සැලසුම් කර ඇති අතර ඒ සියල්ලම මේ වන විට විකිණී අවසන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *