2021 Rolls-Royce Cullinan

Buyers’ Guide: ඔයාගේ Rolls Royce Cullinan එක unique කරගන්න ඕනෙ නම්, customize කරන්න එපා

රථගාය තිබෙන අය Toyota Vitz, Suzuki WagonR, Mercedes-Benz CLA පාවිච්චි කරන්න කැමති නැත්තෙ ඒවා පාරෙ ඕනෑ තරම් දකින්න තියෙන නිසා. රථගාය තිබෙන අය කැමති වැඩිය දකින්න නැති, පාරෙදි දැක්කාම දෙපාරක් හැරිල බලන ජාතියේ වාහනයක් පාවිච්චි කරන්න. ඒ නිසා බොහෝ දෙනෙක් කරන්නෙ, Porsche Boxter, BMW i8, Ford Mustang, Subaru WRX වගේ වාහනයක් පාවිච්චි කරන එක. ඒතරම් වියදම් කරන්න අමාරු කෙනෙක් නම් තමයි, සාමාන්‍ය වාහනක් අරගෙන ටිකක් unique වෙන විදිහට modify කරන්නෙ. හැබයි ඔයා ඉන්නෙ Dubai, Abu Dhabi වගේ නගරයක නම් Ferrari එකක්, Bently එකක් නෙමෙයි, Rolls Royce එකක් ගත්තත් modify කරන්න වෙනව. මොකද එහෙ Ferrari, Bently, Rolls Royce වගේ වාහනත් වැහි වැහැල තියෙන නිසා. හැබැයි ඒ වගේ වාහන modify කරන්න ලේසියි, මොකද company එකෙන් order කරන කොටම, අවශ්‍ය වෙනස්කම් ටික කිව්වාම, ඒකට ගැලපෙන්න වාහනයක් factory එකෙන්ම හදල දෙන නිසා.

මිනිස්සු මේ විදිහට factory modifications කරන්න මොනතරම් යොමුවෙලා ඉන්නවද කියනවනම්, Rolls Royce සමාගම අළුතින්ම හඳුන්වාදීපු Cullinan SUV එක, අද වෙනකන් කිසිම කෙනෙක්, modification එකක් නැතුව order කරල නෑ. මෑත කාළයේ ජනතාව අතර SUV බෙහෙවින් ජනප්‍රිය වුනා. ඒ නිසා මීට කළින් කිසිමදාක SUV එකක් නොහදපු, Rolls Royce, Bentley, Maserati, Aston Martin වැනි වාහන නිෂ්පාදකයොත් SUV මාදිලි හඳුන්වා දෙන්න පෙළඹුනා. වසර සියයකට වැඩි Rolls Royce ඉතිහාසයේ මුළින්ම හදපු SUV එක තමයි Cullinan. ලොව සොයාගත් විශාලම දියමන්තිය නමින් නම් කරල තියෙන Cullinan එක හඳුන්වා දුන්නේ 2018දී.

2021 Rolls-Royce Cullinan (c) caranddriver.com

Rolls-Royce සමාගම නිපදවන මිල අධිකම මෝටර් රථය වන Phantom මාදිලිය ඇසුරින් නිපදවන Cullinan එකේ ඇතුළත් වන්නේ Aluminum වලින් නිපදවූ space frame ආකාරයේ චැසියක්. ඊට අමතරව මෙහි ඉදිරිපස grille එක සහ headlights ද Phantom එකට සමාන කමක් දක්වනවා. අනෙකුත් Rolls-Royce වාහන මෙන්ම, මෙම මෝටර් රථයද, සැපපහසුව සහ සුකෝපබෝගීත්වය වැඩිකරන අංගෝපාංග රශියකින් සමන්විතයි. Driver compartment එක සහ passenger compartment එක වෙන්කරන වීදුරු තිරයක් අනෙකුත් Rolls-Royce මෝටර් රථ වල වල දක්නට ලැබුනත්, passenger compartment එක සහ Luggage compartment එක වෙන්කරන වීදුරු තිරයක් දක්නට ලැබෙන පළමු මෝටර් රථය Cullinan එකයි. ඊට අමතරව වෙනත් කිසිඳු මෝටර් රථයක දක්නට නැති ‘cocktail suit’ නමැති පි‍ටුපසට විවෘත වන camping seat දෙකකින්ද සමන්විත වනවා.

Cullinan එකේ self leveling air suspension පද්ධතියක් ඇතුළත් වන අතර, ඉදිරිපස වීදුරුවේ සවිකර ඇති කැමරා යුගලයකින් ඉදිරියෙන් ඇති මාර්ගය scan කර, ඊට සරිලන අයුරින් suspension පද්ධතිය හැඩගස්වා, සැප පහසුව වැඩි කරනවා. මේ නිසා කුමන මාර්ගයක ගියත්, ඇතුළෙ ගමන් කරන මගීන්ට දැනෙන්නෙ magic carpet එකක යනවා වගේ කියලයි Rolls-Royce සමාගම කියන්නෙ. Cullinan එක අශ්ව බල 563ක twin-turbocharged 6.75L V12 එන්ජිමකින් සමන්විත වන අතර permanent all-wheel drive පද්ධතියකින් සහ four-wheel steering පද්ධතියකින් සමන්විත වනවා.වෙළඳපොළේ පවතින අනෙකුත් SUV මෙන්, off-road භාවිතය සඳහාද උචිතවන සැකසුම් මෙහි අන්තර්ගත වුවත්, Cullianan එකක හිමිකරුවෙක්, කිසිම දාක මේ car එක off-road භාවිතය සඳහා යොදා ගනීවිදැයි යන්න සැක සහිතයි. Rolls-Royce සමාගමෙන් සාමාන්‍ය Cullinan එකට අමතරව Black Badge Cullinan නමින් ජවයෙන් වැඩි මාදිලියක්ද නිපදවනවා.

Rolls-Royce Cullinan Prices

2019
Cullinan
US$ 327,000
2020
Cullinan
US$ 335,350
2021
Cullinan
US$ 335,350

අපි කළින් කතා කළා කට්ටිය Cullinan එක modify කරන්න කොපමණ උනන්දු වෙලා තියෙනවද කියලා. නමුත් මේ වගේ factory modifications කරන්න ඉතා විශාල මුදලක් වැය වෙනවා. සාමාන්‍ය Cullinan එකක මිල ඇමරිකන් ඩොලර් 327,000ක් පමණ වනවා. ඒකට තවත් සැලකියයුතු මට්ටමේ modifications එකතු කරනව නම් ඇමරිකන් ඩොලර් 50,000 සිට 250,000 දක්වා අමතර මුදලක් වැය වෙන්න පුළුවන්. ඒනිසා කෙනෙකුට ඕනෙනම්, වෙන කොහේවත් නැති ජාතියෙ Cullinan එකක් අඩු මුදලකට මිලදී ගන්න, කරන්න තියෙන්නෙ modifications මුකුත්ම එකතු කරන්නෙ නැතිව standard vehicle එකක් ගන්න එක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *