Lamborghini Aventador

ඔබේ සිහින කාරය Lamborghini Aventador එකක් නම් මෙය කියවන්න

ඔයාල හැමොම Lamborghini කාර් ගැන අහල තියෙනවනේ. ඒ අතරින් Aventador එක ගැනත් ගොඩ දෙනෙක් අහල ඇති. දන්නැති අයට දැනගන්නත් එක්ක කියනවනම්, දැනට නිෂ්පාදනය කරන සාමාන්‍ය Lamborghini කාර් අතරින් බල සම්පන්නම Lamborghini කාර් මාදිලිය තමයි Aventador කියන්නෙ.

Aventador කාර් එක ගැන පුංචි විස්තරයක් කියනවනම්, අනිත් බොහොමයක් Lamborghini කාර් වගේම මේකත් දෙන්නෙකුට විතරක් යන්න පුලුවන් Sports car එකක්. මේකෙ තියෙන්නෙ අශ්ව බල 690ක් තියෙන සිලින්ඩර් 12 (V12) එන්ජිමක්. පැයට කිලොමීටර් 0 ඉදන් 100ට තත්පර 2.9කින් යන්න පුලුවන් මේ කාර් එකේ උපරිම වේගය පැයට කිලොමීටර් 354ක් විතර වෙනව.

අද වනවිට Electric car, ඒ කියන්නෙ විදුලියෙන් විතරක් වැඩ කරන කාර් ලොකය පුරා බොහොම ජනපිය වෙලා තියෙනවා. Electric car හදන සමාගම් බොහොමයක් තිබුනත්, ඒ අතරින් පෙරලිකාරීම සමාගම වෙන්නෙ ඇමරිකාවේ Tesla සමාගම. Tesla සමාගම මේලගදි ඔවුන්ගේ අලුත්ම Electric car මාදිලිය වන Model 3 එළිදැක්වූවා. හැබැයි Tesla සමාගම 2015 සැප්තැම්බර් මාසෙ වෙලඳපලට එක කරපු SUV මාදිලිය තමයි Model X කියන්නෙ. දැනට තිබෙන Tesla මාදිලි අතරින්, එකම SUV මාදිලිය තමයි Model X කියන්නෙ. Model X එකට එන්ජිමක් නැති වුනත් electric මෝටර් දෙකක් තියෙනව. ‍තෝරා ගන්නා model එක අනුව අශ්ව බල 259 + 259 හෝ 259 + 503 වෙන්න පුළුවන්. මේකෙ තියන මෝටර් වලට බලය දෙන්න කිලෝ වොට් පැය 90 හෝ 100 ධාරිතාව තියෙන බැටරි යොදා ගන්නව. කාර් එකේ තියෙන මොටරේ, බැටරිය සහ අනිත් උපාංග අනුව Model X එකට පැයට කිලෝ මීටර් 0 ඉඳන් 100ට යන්න තත්පර 3.0ත් 6.2ත් අතර කාලයක් ගන්නව, ඒ වගේම මේකෙ උපරිම වේගය පැයට කිලෝ මීටර් 200ත් 250ත් අතර වෙනව.

මේ ලගදි ඇමරිකාවෙ කට්ටියකට හිතුන Lamborghini Aventador එකයි Tesla Model X එකයි අතර රේස් එකක් තියල, මොන කාර් එකද දිනන්නෙ කියල බලන්න. මෙයාලා තිබ්බේ Drag රේස් එකක්. ඒ කියන්නෙ ආරම්භයේ ඉඳන් සැතපුම් කාලෙ (1/4) සීමාව මුලින් පහු කරන්නෙ කවුද කියල බලන එක. Lamborghini Aventador ගැන දන්න අය නම් දැනටමත් අනුමාන කරල ඇති දිනන්න ඇත්තෙ කවුද කියල. මේ තියෙන්නෙ ඒ රේස් එකේ video එක, බලන්නකො මොන කාර් එකද දිනුවෙ කියල.

පුදුමයි නේද! ඇත්තටම කියනවනම් මේ රෙස් එකට යොදා ගත්තෙ Aventador SV එකකුයි Model X P100D එකකුයි. Lamborghini කාර් එකක නමේ අගට SV (SuperVeloce) කියල යොදන්නෙ ඒක සාමාන්‍ය model එකටත් වඩා වේගයෙන් යන්න පුළුවන් නිසා. Lamborghini සමාගම සාමාන්‍යයෙන් එයාලගෙ කාර්වල බලය වැඩි, බර අඩු Limited version එකකුත් නිෂ්පාදනය කරනවා, ඒවගේ කාර්වලට තමයි නමේ අගට SV (SuperVeloce) කියල දාන්නෙ.

Tesla සමාගම හදන කාර්වලත් version කිහිපයක් ම තියෙනවා. 75D, 90D, P90D, 100D, P100D ආදී වශයෙන්. P100D තමයි දැනට තියෙන බලයෙන් වැඩිම version එක. මේකෙ P අකුරෙන් කියන්නෙ Performance කියන එක. ඒ කියන්නෙ මේකෙ තියෙන electric මොටර් වල බලව වැඩියි කියන එක. D අකුරෙන් කියන්නෙ dual motor කියන එක. ඒ කියන්නෙ ඉදිරිපස සහ පසුපස මොටර් දෙකක් තියෙනව, ඒ මොටර් දෙකෙන් රෝද හතරම කැරකෙනව (all-wheel drive).

Tesla Model X වගෙ electric car වල ගියර් පද්ධතියක් නෑ, ඒ නිසා ආරම්භයෙ ඉඳලම මෝටර් වල උපරිම බලය රෝද වලට ලැබෙනව. ඒ වගෙම engine, gear box, cam shaft නැති නිසා ශක්ති හානියත් අඩුයි.

One Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *