VDC Button

දන්නවද Vehicle Dynamic Control ගැන?

ඔයාලට මතක ඇතිනෙ Nissan GT-R එක ගැන කතා කරද්දි ඔය VDC කියන අකුරු තුන තිබුනා. ඉතින් VDC කියන්නෙ Vehicle Dynamic Control (වාහන වේග පාලනය) කියන එකත් ඔයාල දන්නවනේ. ඇත්තටම මේකෙන් මොකක්ද වෙන්නේ. එහෙනම් අපි බලමු, මේ VDC පද්ධතියේ වාහනයේ චලිතය අධීක්ෂණය කිරීම සදහා විවිධ සන්වේදක (Sensors) යොදාගන්නවා. ඉතින් සමහර ධාවන තත්ව වලදී විවිධ කාර්යයන් සිදු කිරීමට මේ VDC පද්ධතිය උපකරී වෙනවා. ඒවා තමයි මේ,

  • හදිසියේ ධවනය වන අතරතුර රොදයක් ලිස්සුවොත්, ඒ ලිස්සීම අඩුකරන්න තිරිංග වල පීඩනය පාලනය කරල එම axle එකේම ලිස්සීමක් වුනේ නැති අනික් රෝදයට බලය මාරු කරනවා
  • වාහනයේ වේගය මත රෝද ලිස්සීම අඩු කරන්න තිරිංග පීඩනය හා ඇංජිමෙන් නිපදවෙන බලය යොදවයි
  • තනි තනි රෝද වල තිරිංග පීඩනය හා  ඇංජිමෙන් නිපදවන බලය Under steer හා Over steer අවස්ථාවන් වලදී වාහනයේ පාලනය පවත්වාගෙන යන්නත් උදව් වෙනවා
VDC System
VDC System

ඉතින් මේ VDC පද්ධතිය රියදුරාට වාහනය පාලනය කරන්න උදව් කරාට driving situations පාලනය කරන්න බැහැ.

අපි දැන් බලමු මේ VDC  ප්ද්ධතියට අදාල Indicator Light එක Dash Board එකේ පත්තු උනොත් ඒකෙන් කියන්නෙ මොනවද කියල,

  • VDC indicator light එක පත්තුවෙනවා කියන්නේ VDC පද්ධතිය on කියන එක
  • මාර්ගය ලිස්සන සුලු හෝ වාහනය නිවැරදි මාර්ගයේ ගෙනයන්න  උදව් ඕනේ කියල පද්ධතිය තීරණය කලොත් මේ බල්බ් එක පත්තුවෙනවා
  • ඒ වගේම තමයි මේ බල්බ් එක පත්තුවෙලා තියෙද්දි brake pedal වෙව්ලීමක් දැනුනොත් හා සද්දයක් අහුනොත්, හෝ බොනට් එක යට වෙව්ලීමක් ඇතිඋනොත් ඒකෙන් කියන්නෙ මේ VDC පද්ධතිය හොදින් වැඩකරනවා කියල
  • තවදෙයක්, ඔයාගෙ වාහනේ Speed එක පාලනය කරලා පාරේ තත්වයට අනුව රිය ධාවනය කරන්න

ඒ කතා කළේ VDC Indicator light එක පත්තුවෙන එක ගැනනේ. මේ කියන්න යන්නෙ ඒ light එක නිවෙන්නෙ ඇයි කියල. එහෙනම් බලන්නකො මොකද කියල.

  • මේ කියන VDC පද්ධතිය හරියට වැඩ කරන්නෙ නති වුනහම indicator light එක නිමෙනවා
  • ඒ වගේම තමයි VDC පද්ධතිය ස්වයංක්‍රියව off වුනහමත් indicator light එක නිමෙනවා
How VDC works
How VDC works

ඉතින් අපි VDC Off switch එක යොදාගෙන VDC පද්ධතිය off කරද්දි indicator light එක එකවර ආලෝකමත් වී පද්ධතිය අක්‍රිය වේ. ඒ වගේම තමයි වාහනයේ ignition switch එක off කරල නැවත on කල විට VDC පද්ධතිය ස්වයංක්‍රියවනැවත සැකසීම (reset) සිදුකර ගන්නවා.

මෙහෙම තියෙනවනම් මොකටද බය වෙන්නෙ. කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනේ යන්නනෙ තියෙන්නේ.මොකද, වාහනේ නිවැරදි පාරේ අරගෙන යන්න උදව්ත් කරනවනම්, ලිස්සුවොත් බලය මාරු කරල ලිස්සන එකත් අඩු කරනවනම්, තිරිංග පීඩනයත් පාලනය කරනවනම්, තවත් මොනවද අපිට තියෙන්නෙ පාගල යන්න තමයි කියල හිතුවොත් නම් වැඩේ වරදිනවා. ඒ මොකද කියනවනම් මේ කියන VDC පද්ධතිය නිර්මණය කරල තියෙන්නේ රියදුරාට වාහනයේ ස්ථාවරය පවත්වගන්න උදව් කරන්න මිසක්. අධික වේගයෙන් හෝ නොසැලකිලිමත්ව වාහනය ධාවනය නිසා ඇතිවෙන අනතුරු නවත්තන්න නෙමෙයි. මේ පද්ධතියට එහෙම හැකියවක් නැහැ. දැන් දැනගත්තනෙ මේ VDC පද්ධතියට හදිසි අනතුරු වගේ දේවල් නතරකරන්න හෝ පාලනය කරන්න බැහැ කියල. ඉතින් ඒ නිසා තමන් යන වාහනයේ වේගය පාලනය කරගෙන, ලිස්සන සුලු පාරවල් වල පරිස්සමෙන් වාහනය පැදෙව්වොත් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගේ ගමන පරිස්සමට ගිහින් එන්න පුලුවන්.

One Comment

  • Asanka පිළිතුරු සැපයීම

    නියමයි. මේ වගේ අපි දන්නැති දෙවල් ගැන ලියන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *