Department of Motor Traffic

හරි, හරි!….. දැන් කොහොමද වාහන ආදායම් බලපත්‍රය ගන්නෙ?

කලින් ලිපියෙදි කිව්ව වගේ වාහන ආදායම් බලපත්‍රය නිකුත් කරන්නෙ අවුරුද්දක කාල සීමාවකටනෙ, ඒ කාල සීමාව ඉකුත් වුනාම අළුත් කරගන්න ඕනෙ. වාහන ආදායම් බලපත්‍රය අළුත් කරනකොට ගොඩක් දෙනෙකුට වෙන දෙයක් තමයි, පරණ එකේ අන්තිම දවස වෙනකම් ඉන්නව අළුත් එක ගන්න, හැබැයි මොකක් හරි හේතුවක් නිසා අළුත් වාහන ආදායම් බලපත්‍රය නියමිත දවසට ගන්න බැරි වෙනව. ඊට පස්සෙ හදිසියකට හරි වාහනේ පාරට දාපු ගමන්ම පොලිසියෙන් අල්ලනව! මෙන්න මේක note කර ගත්තොත් එහෙම වෙන්නෙ නෑ.

බලපත්‍රයේ වලංගු කාලය අවසන් වෙනකන් ඉන්න එපා. බලපත්‍රය අවසන් වන දිනට මාස 3ක් ඇතුලත නව බලපත්‍රය ගන්න පුලුවන්

වාහන ආදායම් බලපත්‍රය ගන්නෙ කොහෙන්ද?

බස්නාහිර පළාතේ ලියපදිංචි වාහන සදහා, බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලයෙන් හෝ පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ආදායම් බලපත්‍රය ගන්න පුලුවන්. හැබැයි කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඇරෙන්න. අනිත් පළාත් වලදී නම්, ඒ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ගන්න පුළුවන්.

On the wheel / Over the counter
On the wheel / Over the counter

බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට, සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා පැමිණි, වාහනයේ ඉදන්ම හෝ කවුළු වලින් ආදායම් බලපත්‍රය ගන්නත් පුලුවන්.

මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බස්නාහිර පළාත)
ලිපිනය : පළමු මහල, මහ ලේකම් කාර්යාලය,
මාලිගාවත්ත, කොළඹ 10 (හරියටම තැන ඔය map එකේ තියෙනව!)
දුරකථන අංක : 0112 436 415
ඊමේල් : motertraffic.westernprovince@gmail.com

අපිට ඕවැ යන්න වෙලාවක් නෑ, වෙන ලේසි විදිහක් නැද්ද?

ඇයි නැත්තෙ, අද කාලෙ හැම දෙයක්ම කරන්නෙ ඉතින් internet එකෙන්නෙ, අන්තර්ජාලය හරහා ආදායම් බලපත්‍රයත් ඕනම දවසක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

  1. මුලින්ම www.gov.lk වෙත පිවිසෙන්න
  2. ඊලඟට භාෂාව ‍තෝරන්න
  3. ‘Revenue License’ සොයන්න
  4. වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීම/ අලුත් කිරීම‘ ‍තෝරන්න
  5. Facebook හෝ Google හරහා ඔබගේ විද්යුත් ලිපිනය භාවිතයෙන් පද්ධතියට ඇතුළු වෙන්න
  6. ඊට පස්සේ මේ තොරතුරුත් ඇතුළත් කරන්න,
    1. පළාත
    2. වාහන අංකය
    3. අලුත් වාහනයක් නෙවෙයි නම් පසුගිය වසරේ වාහන බලපත්‍ර අංකය
  7. වාහනය අයිතිකරුගේ නම හා ලිපිනය තහවුරු කරන්න
  8. වායු විමෝචක සහතිකය නිකුත් කල ආයතනය තෝරන්න
  9. අන්තිමට රක්ෂණ සමාගම ‍තෝරන්න
  10. ආදයම් බලපත්‍රයට යන ගාස්තුව ඕනෑම බැංකුවක Visa හෝ Master කාඩ් පතකින් හෝ Mobile Cash මගින් ගෙවන්න පුලුවන්
  11. වලංගු බලපත්‍රය ලැබෙනකන් භාවිතා කරන්න තාවකාලික බලපත්‍රය ඔයාගෙ email එකට ලැබෙනව. ඒක print කරගන්න
  12. ඔබේ වලංගු බලපත්‍රය දින 14ක් ඇතුලත අධිවේගී තැපෑලෙන් ඔබට ලැබේ
Temporary Revenue License
Temporary Revenue License
වැඩිදුර තොරතුරු සදහා අමතන්න,
රාජ්‍යය තොරතුරු කේන්ද්‍රය
1919

තව මොනවද දැනගන්න ඕනෙ

ඔය කියපුවට අමතරව මේ කරුණු ටිකත් මතක තියා ගන්න,

සෑම බලපත්‍ර නැවත නිකුත් කිරීමකටම (Re-issue) කාලසීමාවට සමානුපතිකව ගාස්තු අය කරනව.

විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ, තැ‍රැව්කරුවන්ට අහු වෙන්න එපා!

ආදයම බලපත්‍ර සම්බන්ධව මතුවන ඕනම ගැටළුවකදී මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යලය අමතන්න,

මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය
එම්. එම්. සී. කේ. කේ. මාන්නපෙරුම මහතා (කොමසාරිස්) : 0112 446 870
කේ. ඒ. ටී. කුමාරසිංහ මහතා (සහකාර කොමසාරිස්) : 0113 056 335
ජී. ඩී. ඩී. එස්. එම්. සේනාධීර මහත්මිය (ගණකාධිකාරී) : 0113 056 334
කාර්යාලය : 0112 436 415

38 Comments

  • Asitha පිළිතුරු සැපයීම

    මගේ වාහනය ලියා පංදින්චිය ඇත්තෙ උතුරැ මැද පළාතේ. මට ඒක කොළඹ දිස්ත්‍රික්කයෙන් අළුත් කර ගන්න පුලුවන්ද

    • අසිත,

      උතුරු මැද පළාතේ ලියාපදිංචි කළ වාහනයක ආදායම් බලපත්‍රය කොළඹ දිස්ත්‍රික්කයෙන් අළුත් කරගත නොහැකියි.

  • Ruwan පිළිතුරු සැපයීම

    ලොරි රථයක දුම් වාර්තා ව හා අදායම් බලපත්‍රය නැතිවී ඇත. නැවත එය ලබා ගැනීම සදහා කුමක් කල යුතුද

    • Rathagayata.lk පිළිතුරු සැපයීම

      රුවන්,

      දුම් වාර්ථාව ගන්න, දුම් වාර්ථාව නැතිවුනා කියල පොලිසියෙ පැමිණිල්ලක් දාල, ලිඛිත ඉල්ලිමක් සහ හැඳුනුම්පතේ පිටපතක් සමඟ අදාල දුම් වාර්ථාව නිකුත්කළ ආයතනයේ ඕනෑම කාර්යාලයකට භාර දෙන්න. Laugfs Eco Sri ආයතනයේ නම් අළුත් සහතිකේ එන්න සතියක් විතර යනව, රු. 250.00ක් අය කරනව. CleanCo Lanka අයතනයේ නම් බොහෝ විට එක දවසින් ගන්න පුළුවන්, මුදලක් අය කරන්නෙත් නෑ.

      ආදයම් බලපත්‍රය ගන්න හැටි දැනගන්න අපේ මේ ලිපිය කියවන්න.

      වාහන ආදායම් බලපත්‍රය (යනු?) ගනු!

  • T.H.R Tharaka පිළිතුරු සැපයීම

    ඔන්ලයින් ක්‍රමයට පුළුවන් කිව්වට ඒක හරියට ක්‍රියාත්මක නැහැනේ. අද මම බැලුවා හරියට වැඩ කරන්නේ නැ. ඒක නිවැරදි කරලා දෙනවනම් දුර පළාත් වල අයට ගොඩක් වටින වැඩක්.. පුළුවන් ඉක්මනින් නිවැරදි කරලා දෙන්න. ස්තුතියි.

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      තාරක,

      මේ online ක්‍රමයේ සමහර අවස්ථා වල ගැටළු පවතින බව ඇත්ත, නමුත් පැය කිහිපයකින් හෝ ඊළඟ දවසේ උත්සාහ කළාම බලපත්‍රය ලබා ගන්න පුළුවන්. දැන් අවුරුදු තුනක ඉඳන්, අපි වාහන කිහිපයකම ආදායම් බලපත්‍රය ගන්න, භාවිතා කරන්නෙ online ක්‍රමය.

      බැරිවෙලා හරි, අදාල මුදලත් ගිණුමෙන් අඩු වුනාට පස්සෙ, වැඩකරන්නෙ නැතුව ගියොත්, බයවෙන්න එපා, ගෙවපු මුදල නැවතත් ඔයාලගෙ ගිණුමට බැර වෙනවා (refund).

  • Rmdi rathnayaka පිළිතුරු සැපයීම

    මාගේ වාහනය අදායම් බලපතය නැතිවි අැත නැවත ලබා ගන්නේ කෙසේද

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      රත්නායක,

      මුළින්ම පොලීසියේ පැමිණිල්ලක් දාල, පැමිණිල්ලෙ පිටපතකුයි, ලිඛිත ඉල්ලීමකුයි, ජාතික හැඳුනුම්පතේ පිටපතකුයි, ආදායම් බලපත්‍රය ගන්න අවශ්‍ය සාමාන්‍ය ලියකියවිලියි අරගෙන,

      1. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට, හෝ
      2. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට

      යන්න.

      වැඩි විස්තර දැන ගන්න අපේ මේ ලිපිය කියවන්න.

      වාහන ආදායම් බලපත්‍රය (යනු?) ගනු!

  • යොමාල් පිළිතුරු සැපයීම

    වෙනත් පළාතක ලියාපදිංචි වූ වාහනයක ආදායම් බලපත්ත්‍රය ඕනෑම පළාතක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකින් ලබාගත හැකිද්

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      යොමාල්,

      ඕනෑම වාහනයක ආදායම් බලපත්‍රය ලබාගත හැක්කේ, වාහනය ලියාපදිංචි කළ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණී.

  • Yomalprabhashwara පිළිතුරු සැපයීම

    වෙනත පාළාත ලියාපදිංචි වූ වාහනයක ආදායම් බලපත්‍රය ඕනෑම පපළාතක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකින් ලබාගත හැකිද

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      යොමාල්,

      ඕනෑම වාහනයක ආදායම් බලපත්‍රය ලබාගත හැක්කේ, වාහනය ලියාපදිංචි කළ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණී.

  • Avishka Fernando පිළිතුරු සැපයීම

    මගේ වාහනය බස්නාහිර පළාතේ රෙජිස්ටර් කරලා තියෙන්නේ නමුත් මං ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ . මේ වනවිටත් මගේ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වෙලා තියෙන්නේ ඇඳිරිනීති තත්වය නිසා ආදායම් බලපත්‍රය ලබාගන්න විදිහක් නෑ. ඒ සඳහා විසඳුමක් තියනවද

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      අවිෂ්ක,

      ඇඳිරි නීතිය පනවනු ලැබූ ප්‍රදේශ සඳහා, ආදායම් බලපත්‍රය ලබාගැනීමට සහන කාලයක් ලැබෙනු ඇත.

  • suranga පිළිතුරු සැපයීම

    වෙනත් පළාතක ලියාපදිංචි වූ වාහනයක ආදායම් බලපත්ත්‍රය ඕනෑම පළාතක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකින් ලබාගත හැකිද්

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      සුරංග,

      ඕනෑම වාහනයක ආදායම් බලපත්‍රය ලබාගත හැක්කේ, වාහනය ලියාපදිංචි කළ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණී.

  • Nissanka පිළිතුරු සැපයීම

    ජංගම දුරකතන වලින් ඔන්ලයින් සේවාව ලබා ගත හැකි ද

  • susil පිළිතුරු සැපයීම

    මගේ වාහනයේ ගිය අවුරුද්දේ ආදයම් බලපත්‍රය නැති වී ඇත.අලුත් කරගැනිමට ගන්න ක්‍රමයක් නැද්ද.ඒකේ අංකය නැතුව

    • සුසිල්,

      නිවැරදි ක්‍රමය අනුව, ඔබේ ආදායම් බලපත්‍රය නැතිවුවහොත්, පොලීසියේ පැමිණිල්ලක් දමා අළුත් ආදායම් බලපත්‍රයක් ලබාගත යුතුයි.

      කෙසේ වෙතත්, 1919 අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතා පෙර ආදායම් බලපත්‍ර අංකය ලබාගැනීමට උත්සාහ කර බලන්න.

  • Shanaka Dharmasena පිළිතුරු සැපයීම

    ඔන්ලයින් මගින් ලබා ගන්නා ආදායම බලපත්‍රය ලියාපදිංචි ලිපිනයට හැර වෙනත් ලිපිනයකට ගෙන්වා ගත හැකි ද (උදා: මහනුවර ට)

  • Praneeth Madhuka පිළිතුරු සැපයීම

    ඕනෑම කාණ්ඩයක වාහන online ලියාපදිංචි කළ හැකිද ? (eg ලොරි, ටැක්ටර්, කාර් )

    • ප්‍රනීත්,

      ලොරි වැනි යෝග්‍යතා සහතික අවශ්‍ය වාහන සඳහා online ක්‍රමයට ආදායම් බලපත්‍රය ලබාගත නොහැකියි.

  • සුජීව පිළිතුරු සැපයීම

    සංචරණ සීමා නිසා සබරගමු පළාතේ ලියාපදිංචිය කර ඇති වාහනයෙ අදායම් බලපත්‍ර උතුරු මැද පළාතෙන් ලබා ගත හැකිද. වාහනයෙ පොත අප සතුව තිබෙනවා.

    • සුජීව,

      ඕනෑම වාහනයක ආදායම් බලපත්‍රය ලබාගත හැක්කේ, වාහනය ලියාපදිංචි කළ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණී.

  • Chehan Sanhith පිළිතුරු සැපයීම

    මගේ වාහනය ලියාපදිංචි කරලා තියෙන්නේ දකුනු පලාතේ මන් ඉන්නේ කොලඹ මට ඔන්ලයින් ගන්න පුලුවන්ද

    • චෙහාන්,

      ඕනෑම තැනක ඉඳන්, ඕනෑම පළාතක වාහනයකට online ආදායම් බලපත්‍රය ගන්න පුළුවන්. නමුත් ආදායම් බලපත්‍රයේ මුල් පිටපත තැපෑලෙන් ලැබෙන්නෙ ලියාපදිංචි සහතිකයේ (වාහනයේ පොතේ) සඳහන් වර්තමාන අයිතිකරුගේ ලිපිනයට පමණයි.

  • වසන්ත පිළිතුරු සැපයීම

    වසන්ත,

    online ආදායම් බලපත්‍ර ගන්න යන විට කෘෂි රක්ෂණ මණ්ඩලයේ නම රක්ෂණ සමාගම් අතර නෑනෙ මොකද කරන්නෙ.

    • වසන්ත,

      ඔබට සේවා සපයන රක්ෂණ සමාගම, Online ආදායම් බලපත්‍ර ලබාදීමේ පරිගණක පද්ධතිය හා සම්බන්ධ වී නොමැති නම්, ඔබට online ක්‍රමයට වාහන ආදායම් බලපත්‍රය ලබාගත නොහැකියි.

  • Krishan Sanka පිළිතුරු සැපයීම

    ආදායම් බලපත්‍රය කල් ඉකුත් වී ඇතිවිට ඔන්ලයින් අලුත් කරන්න පුලුවන්ද

  • Gihan පිළිතුරු සැපයීම

    ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී කලින් රක්ෂණය කර තිබූ සමගම අප සටහන් කල යුතුයි. එහි Agricultural & Agrarian Insurance Board මෙම රක්ෂණ සමාගම අඩන්ගු නොව්න්නේ ඇයි.

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      ගිහාන්,

      ඔබට සේවා සපයන රක්ෂණ සමාගම, Online ආදායම් බලපත්‍ර ලබාදීමේ පරිගණක පද්ධතිය හා සම්බන්ධ වී නොමැති නිසා, එම ආයතනය මේ ලැයිස්තුවේ නැත.

  • මහේෂ් පිළිතුරු සැපයීම

    රක්ෂණ කාර්ඩ් පතම අවශ්‍ය ද.සහතිකය මගින් පුළුවන් ද

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      මහේෂ්,

      රක්ෂණ කාඩ් පත හෝ සහතික කිසිවක් අවශ්‍ය නොවේ. රක්ෂණ සමාගම විසින් ඉදිරි වසර සඳහා රක්ෂණය අළුත් කර තිබීම පමණක් ප්‍රමාණවත් වේ. එම දත්ත මෙම පද්ධතියට ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *