2020 Shelby GT500

Mustang රජුගේ පුනරාගමනය: 2020 Shelby GT500

Ford සමාගම ඔවුන්ගේ සුප්‍රසිද්ධ, Mustang Shelby GT500 මාදිලියේ, නවතම මෝටර් රථය වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් වනවා. මෙය මුලින්ම එළි දැක්වුනේ 2019 ජනවාරි මාසයේ, ඇමරිකාවේ Ditroit නගරයේ පැවැත්වුනු North American International Auto Show උළෙලේදීයි.

ආරම්භය

Shelby GT500 රථයක් මුළින්ම හඳුන්වා දුන්නේ 1967 වසරේදීයි. ඉන් පසු 1968දී Shelby GT500KR (King of Road) රථයත්, 1969 වසරෙදී තරමක් දිගින් වැඩි (face lift) මාදිලියකුත් එළිදැක්වුණා. Mustang මාදිලිවල රජු ලෙස හැඳින්වෙන්නේ Shelby GT500 මාදිලියයි.

එන්ජිම සහ බලය

2020 Mustang GT500 මාදිලියෙහි ඇතුළත් වන්නේ අතින් නිමවන ලද 5.2 L “Predator” alluminium-alloy V8 එන්ජිමකි. එය 2.65 L Supercharger එකකින් බල ගැන්වෙනවා. මෙම එන්ජිමට අශ්ව බල 760ක් බලයක් සහ නිව්ටන් මීටර් 847ක torque එකක් නිපදවීමට හැකියාව පවතිනවා. Ford සමාගම දැනට නිපදවන මෝටර් රථ වලින් බලයෙන් වැඩිම මෝටර් රථය මෙයයි. Supercar ඝනයට අයිතිවන Ford GT රථය පවා නිපදවන්නේ, අශ්ව බල 647ක් පමණයි.

කෙසේ වුවද, යුරෝපයෙදී මෙය මිලදි ගැනීමට හැකි වන්නේ නෑ. ඒ, මෙම අධි බලැති, විශාල එන්ජිම යුරෝපයේ මාර්ග නීති පද්ධතියට අනුගත නොවන නිසාවෙනි. එනිසා මෙය මිලදීගත හැකි වන්නේ මෙක්සිකෝවේ, උතුරු ඇමරිකාවේ හා මැද පෙරදිගදී පමණී.

වේගය

Shelby GT500 රථයට පැයට සැතපුම් 0 සිට 60ට යාමට ගතවන්නේ තත්පර 3.3ක කාලයක්. මීට පෙර නිපදවූ 2014 Shelby GT500 මාදිලිය ඊට ගත් කාලය තත්පර 3.5ක්. කෙසේ වුවද, 2014 Shelby GT500 රථයේ එන්ජිම නිපදවූවේ අශ්ව බල 662ක් පමණයි.

Mustang රථ අයත්වන Muscle cars වැඩියෙන්ම යොදා ගන්නේ drag- race සඳහායි. වාර්තාවන අන්දමට නවතම Shelby GT500 රථයට drag-race එකක් (සැතපුම් කාලක්) සම්පූර්ණ කිරීමට ගතවන්නේ තත්පර 10.7ක්. Alcantara වලින් ආවරණය කරනලද සුක්කානමේ, සුදු ඉරක් දක්නට ලැබෙන්නේ drag-race වලදී car එක කෙලින් තබා ගැනීමටයි. මෙහි ඇතුලත් වන්නේ ගියර් 7කින් සමන්විත dual-clutch ස්වයංක්‍රීය ගියර් පද්ධතියකුයි.

නිෂ්පාදනය සහ අළෙවිය

මෙතරම් බලවත් car එකක් නිපදවන්නේ Ford Performance අංශයේ ප්‍රධානී Carl Widmann ඇතුළු පිරිසේ මහන්සියේ ප්‍රතිඵලයක් හැටියටයි. එදිනෙදා භාවිතයටද සුදුසු වන පරිදි සැප පහසු අයුරින් මෙය නිපදවා තිබෙනවා. මෙහි සාමන්‍ය මිල ඇමරිකන් ඩොලර් 70,300ක් පමණ වනවා. අවශ්‍යනම් අමතර මුදලක් ගෙවා exposed carbon fiber wheels, Recaro seats සහ වෙනත් carbon fiber කොටස් එකතු කරගන්න පුළුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *