Toyota 86, Subaru BRZ, Scion FR-S

Free Advice: වාහන ගනිද්දි brand එක බලන්න එපා! – පළමු කථාංගය

අපි ගොඩක් දෙනෙක් වාහනයක් ගනිද්දි, brand new එකක් වුනත් second hand එකක් වුනත්, වාහනේ brand එක ගැන ගොඩක් වදවෙනවා…. මේකට වැඩිය ඒක හොඳයි, ඒකට වැඩිය අරක හොඳයි, එක එක අය එක එක කතා කියනව. හැබැයි ඇත්තටම බැලුවොත්, බොහොමයක් වාහන වල තියෙන්නෙ එකම factory එකේ හදපු කෑලි. එහෙම එකම කෑලි දාල හදල, වෙන වෙන badge ගහල විකුණන car ගැන lorry talk ටිකක් තමයි අද දෙන්න යන්නෙ.

මේක වෙන ආකාර කිහිපයක් තියෙනව, ඉන් ප්‍රධානතම ආකාරය තමයි, එකම මව් සමාගමට අයත් සමාගම් අතර කොටස් හුවමාරු කර ගැනීම. දැන් බලමු, ඒ වගේ එක මව් සමාගමකට අයත් වාහන නිෂ්පාදනය කරන සමාගම් මොනවද කියල. ඔයාල ගොඩදෙනෙක් නොදන්නව වුනාට, වාහන brands සිය ගණනක් තිබුනත්, ඒව අයිති සමාගම් ගණන 20 කටත් අඩුයි. ඒ කියන්නෙ එක මවු සමාගමකට අයිති brands බොහොමයක් තියෙනව, වාහනේ ඉස්සරහ grille එකේ ගහල තියෙන badge එක මොකක් වුනත්, ඇතුලෙ තියෙන්නෙ එකම කෑලි. මේ පහළ තියෙන් chart එකේ තියෙනව, ඒ වගෙ එකම මව් සමාගමට අයත් brands මොනවද කියනෙ එක.

Car brands owned by each company

මේ සියළුම සමාගම් ඔවුන්ට අයත් සමාගම් අතර නිරන්තරයෙන් වාහන කොටස් හුවමාරු කරගන්නවා. එහෙම හදපු රථ වාහන වලට උදාහරණ කිහිපයක් තමයි මේ.

Ford

  1. Ford Fusion – Lincoln MKZ
  2. Ford Expedition – Lincoln Navigator

Fiat Chrysler

  1. Fiat Panda – Chrysler Ypsilon – Lancia Ypsilon
  2. Chrysler 300 – Lancia Thema
  3. Dodge Daytona – Chrysler Laser
  4. Chrysler Voyager – Lancia Voyager
  5. Fiat Freemont – Dodge Journey

Renault-Nissan-Mitsubishi

  1. Nissan Days – Mitsubishi EK Wagon
  2. Nissan NV300 – Renault Trafic
  3. Nissan NV400 – Renault Master
  4. Nissan Clipper – Mitsubishi Minicab
  5. Nissan Fuga – Infinity Q70
  6. Nissan Armada – Infiniti QX56
  7. Nissan Skyline – Infiniti Q50
  8. Nissan Patrol – Infiniti QX80
  9. Nissan Cima – Infiniti Q70 – Mitsubishi Dignity
  10. Renault Kwid – Datsun redi-Go
  11. Datsun on-Do – Lada Granta
  12. Datsun mi-Do – Lada Kalina
  13. Dacia Duster – Renault Duster – Nissan Terrano
  14. Renault Talisman – Samsung SM6

General Motors

  1. GMC Sierra – Chevrolet Silverado
  2. GMC Canyon – Chevrolet Colorado
  3. GMC Yukon – Chevrolet Tahoe – Cadillac Escalade – Holden Suburban
  4. Chevrolet N300 – Wuling Hongtu
  5. Chevrolet Captiva – Baojun 530 – Wuling Almaz
  6. Chevrolet TrailBlazer – Holden Colorado 7
  7. Chevrolet Lanos – Daewoo Lanos
  8. Holden Z Monaro – Pontiac GTO
  9. Chevrolet Caprice – Holden Caprice – Buik Park Avenue – Daewoo Veritas

Hyundai

  1. Hyundai i30 – KIA Cee’d
  2. Hyundai Sonata – KIA Optima

Volkswagen

  1. Audi R8 (1st Gen) – Lamborghini Gallardo
  2. Audi R8 (2nd Gen) – Lamborghini Huracan
  3. Audi Q8, Audi Q7, Lamborghini Urus, Porsche Cayenne, Volkswagen Touareg, – Bentley Bentayga
  4. Volkswagen Polo, Audi A1, Skoda Fabia, – SEAT Ibiza
  5. Audi A3, Volkswagen Golf, SEAT Leon, – Skoda Octavia
  6. Audi A4 (B7) – SEAT Exeo
  7. Volkswagen Passat, SEAT Alhambra, Volkswagen Tiguan, – Skoda Superb
  8. Volkswagen Up – SEAT Mii – Skoda Citigo

Toyota

  1. Toyota Wigo – Daihatsu Ayla – Perodua Axia
  2. Toyota Avanza – Daihatsu Xenia
  3. Toyota Rush (2nd Gen) – Daihatsu Terios – Perodua Nautica
  4. Toyota Rush (3rd Gen) – Perodua Aruz
  5. Toyota Raize – Daihatsu Rocky
  6. Toyota Camry – Lexus ES – Daihatsu Altis
  7. Toyota Harrier – Lexus NX
  8. Toyota Pixis Epoch – Daihatsu Mira e:S – Subaru Pleo Plus
  9. Daihatsu Tanto – Subaru Chiffon
  10. Toyota Tank – Daihatsu Thor – Subaru Justy
  11. Toyota Passo – Daihatsu Boon

Groupe PSA

  1. Peugeot 108 – Citroen C1
  2. Peugeot 206 – Citreon C2
  3. Peugeot 807 – Citroen C8
  4. Peugeot Partner – Citroen Berlingo – Vauxhall Combo – Opel Combo
  5. Peugeot Expert – Citroen Jumpy – Vauxhall Vivaro – Opel Vivaro

මේ අතරින් ලොව විශාලතම වාහන නිෂ්පාදකයින් කවුද කියන එක පහළ තියෙන ප්‍රස්ථාරයේ දක්වා තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *