PickMe Driver

මේ දවස්වල rim එකෙන්ද යන්නෙ? PickMe Taxi දුවල ගොඩ යන්නෙ මෙහෙමයි

රටේ ලෝකෙ තියෙන තත්වෙත් එක්ක මේ දවස්වල ජීවිතේ ගැටගහගන්න හරිම අමාරුයි. ආදායමට වඩා වැඩියි වියදම! Bank loan, leasing ඔක්කොම arreas වෙලා! ජීවන වියදම එන්න එන්නම වැඩි වෙනව, ඒත් ආදායම එකමයි. මේ ප්‍රශ්ණ වලින් ගොඩ එන්න, පුංචි සහනයක් ගන්න පුළුවන් දෙයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. කිසිඳු අමතර වියදමක් කරන්නෙ නැතිව, ආදායමක් ගන්න පුළුවන් PickMe ගැන තමයි මේ කියන්න යන්නෙ.

මොකක්ද PickMe Taxi කියන්නෙ?

PickMe Taxi කියන්නෙ taxi එකක් බලාපොරොත්තු වෙන මගියෙකුට, taxi එකක් hire කරන කෙනෙක්ව (Driver) සම්බන්ධ කරන සේවාවක්. PickMe Driver කෙනෙක් හැටියට register වෙලා, වෙනත් ‍රැකියාවක් කරන ගමන් වුනත්, ඔබට අමතර ආදායමක් උපයා ගන්න පුළුවන්. මෙහි තිබන විශේෂත්වය තමයි, මේ සඳහා ඔබට කිසිඳු අමතර වියදමක් දැරීමට සිදු නොවීමයි. ඔබට වාහනයක් තියෙනවනම්, ගෙදර ඉඳන්ම PickMe Driver කෙනෙක් හැටියට register වෙන්න පුළුවන්. මේ සඳහා ඔබට කිසියම් මධ්‍යස්ථානයකට යෑමට හෝ, ගාස්තුවක් ගෙවීමට හෝ රක්ෂනාවරණය වෙනස් කිරීමට අවශ්‍ය නෑ. ඒ වගේම PickMe Taxi එකක් හැටියට ලියාපදිංචි වුනාට පස්සෙ කිසියම් මාසික ගාස්තුවක් වත්, දෛනික ගාස්තුවක් වත් ගෙවන්න අවශ්‍ය නෑ. PickMe Hire එකක් ගියොත් විතරක්, ඒ ලැබෙන ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් විතරක් PickMe ආයතනයට ගෙවන්න ඕනෙ.

ගතයුතු මූලික පියවර

PickMe Driver කෙනෙක් හැටියට ලියාපදිංචි වෙන එක හරිම ලේසියි. මුළින්ම කරන්න තියෙන්නෙ, ඔයාලගෙ ජංගම දුරකථනයේ PickMe Driver App එක install කරගන්න එක. ඔයාලට තියෙන්නෙ Android දුරකථනයක් නම් Google Play Store හරහාත්, Apple දුරකථනයක් නම් AppStore හරහාත් ලේසියෙන්ම PickMe Driver මෘදුකාංගය ඔබේ දුරකථනයේ install කරගන්න පුළුවන්.

PickMe Driver App Installation Instructions Part 1

කොහොමද PickMe Driver කෙනෙක් හැටියට register වෙන්නෙ?

PickMe Driver කෙනෙක් හැටියට register වෙන්න කරන්න තියෙන්නෙ, PickMe Driver app එක open කරල, Register කියන එක click කරල, අවශ්‍ය තොරතුරු ඇතුළත් කරන්න. පහළ තියෙනව පියවරෙන් පියවර විස්තර කරල.

PickMe Driver App Installation Instructions Part 2
PickMe Driver App Installation Instructions Part 3

ඔබගේ විස්තර ඇතුළත් කළ පසු, වාහනයේ විස්තර ඇතුළත් කළ යුතු වනවා. අප මෙහිදී උදාහරණයට ගන්නේ වාහනයේ අයිතිකරුම PrickMe Driver ලෙස ලියාපදිංචි වන අවස්ථාවයි.

මොනවද අවශ්‍ය ලියකියවිලි?

ඒ සඳහා ඔබට මේ ලියකියවිලි ටික අනිවාර්යයෙන්ම අවශ්‍ය වනවා.

  1. රියදුරු බලපත්‍රය
  2. ඔබේ ඡායාරූපය
  3. වාහනයේ ආදායම් බලපත්‍රය
  4. වාහනයේ රක්ෂණ සහතිකය
  5. වාහනයේ ඡායාරූප

ඊට අමතරව මේ කියන ලියකියවිලිත් තිබුනොත් හොඳයි.

  1. ජාතික හැඳුනුම්පත
  2. ලිපිනය තහවුරු කිරීමට බිල්පතක්
  3. වාහනය ලියාපදිංචි කළ ලියවිල්ල (හෝ පිටපතක්)

මේ අමතර ලියකියවිලිත් තිබුනොත්, PickMe ආයතනය මගින් ඔබව ලියාපදිංචි කරන එක ඉක්මන් වෙනවා.

ඔබට PickMe Taxi එකක් ලියාපදිංචි කළ හැකි කාණ්ඩ මේවායි.

  1. Tuk යටතේ ත්‍රීරෝද රථ
  2. Nano/Car/Mini යටතේ Tata Nano රථ / සාමාන්‍ය හා කුඩා ප්‍රමාණයේ මෝටර් රථ
  3. Minivan/Van යටතේ බඩී වෑන් සහ සාමාන්‍ය වෑන් රථ
  4. Bike යටතේ යතුරු පැදි
  5. Truck යටතේ lorry රථ
PickMe Driver App Installation Instructions Part 4

ඉන්පසුව අවශ්‍ය ලියකියවිලි ඇතුළත් කළ යුතු වනවා. ලියකියවිලි ලබාදීමේදී ඔබේ දුරකථනයේ දැනට පවතින ඡායාරූපයක් හෝ එවේලේ ලබාගත් ඡායාරූපයක් ඇතුළත් කරන්න පුළුවන්. රතු පාට තරුවක් දාල තියෙන ලියකියවිලි අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි.

PickMe Driver App Installation Instructions Part 5

ඔබේ ලියකියවිලි ඇතුළත් කළ පසු, වාහනයේ ලියකියවිලි ඇතුළත් කළ යුතුයි.

PickMe Driver App Installation Instructions Part 6

PickMe රියදුරෙකු ලෙස ලියාපදිංචි වීමට ඔබෙන් විය යුතු කාර්යය දැන් අවසන්. PickMe ආයතනය විසින් ඔබේ විස්තර පරීක්ෂා කිරීමෙන් අනතුරුව, දිනක් දෙකක් ඇතුළත, සේවා නියෝජිතයෙකු ඔබව අමතා ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *