Koenigsegg Gemera

ඔයාට තියෙන්නෙ, ගොම වලින් දුවන ජපන් වාහනයක් කියල කියන්න අවුල්ද? එහෙනම්, ගිනිකඳු වලින් දුවන European car එකක් ගමුද?…

අපි කලින් කතා කලානේ, පරිසර හිතකාමී, ගොම වලින් දුවන car එකක් ගැන.

හැබැයි බොහෝ දෙනෙක් මේ ජාතියේ වාහනයක් මිලදී ගන්න අකැමති වෙන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව තමයි, සාදයකට හෝ විවාහ මංගල උත්සවයකට ගිය වෙලාවක, කවුරුහරි කෙනෙක් ඇහුවොත් “මොකක්ද මේ දවස්වල පාවිච්චි කරන වාහනය, hybrid එකක්ද?” කියල, “ගොම වලින් දුවන ජපන් වාහනයක්” කියල කටක් ඇරල කියන්න බැරි වීම.

දැන් ඒකටත් විසඳුමක් තියෙනව, පරිසර හිතකාමී වගේම, ඕන තැනක ගිහින් ගැම්මෙන් කියන්න පුළුවන්, ගිනිකඳු වලින් දුවන European car එකක්! European car එකක් කිව්වම කොහොමත් පොඩි ගැම්මක් තියෙනව, ගිනිකඳු වලින් දුවන වාහනයක් කිව්වම තමයි කට්ටියම හොල්මන් වෙලා යන්නෙ.

අපි කලින් කතා කරපු Fuel Cell Vehicle කියන්නෙ, සාමාන්‍ය වාහන වලින් සම්පූරණයෙන්ම වෙනස් දෙයක් නිසා, ඒකට හුරු වෙන්න ටිකක් අමාරුයි. හයිඩ්‍රජන් පිරවුම් හල් රටපුරා ව්‍යාප්ත වෙන්න ඕනෙ, ඒකට ටික කාලයක් ගත වෙනවා.

Koenigsegg Gemira

අපි මේ කියන්න යන්නෙ, රථගායට[තිත]LK වෙබ් අඩවිය තුළින් මීට කළිනුත් විස්තර අරගෙන ආපු, Koenigsegg Gemira මෝටර් රථය ගැනයි. Gemira එකේ තියෙන විශේෂත්වයන් බොහෝමයක් ගැන කළින් කථා කළා. ඒ අතරින් Gemira එකේ එන්ජිමේ තියෙන විශේෂත්වය ගැනත් කතා කළා. එතැනදි කතාබහට ලක් නොවුණු, ඉතාම වටිනා විශේෂාංගයක් මේ car එකේ එන්ජිමට තියෙනවා. ඒ තමයි පරිසර හිතකාමී බව. මේ එන්ජිම Koenigsegg සමාගම විසින් හඳුන්වන්නෙ TFG (Tiny Friendly Giant) යනුවෙන්. එයින්, මෙහෙ ඇති පරිසර හිතකාමී බවත් ගම්‍ය වනවා.

Koenigsegg Gemera
Koenigsegg Gemera

සාමාන්‍ය භාවිතයටත් යෝග්‍ය, ඒ වගේම පරිසර හිතකාමී වාහනයක් නිෂ්පාදනය කරනවනම් සුදුසුම දේ තමයි, එහි එන්ජිම පරිසර හිතකාමී ආදේශක ඉන්ධන වලිනුත් ධාවනය කළ හැකි ලෙස වැඩිදියුණු කිරීම. විදුලිය, හයිඩ්‍රජන් වගේ තවත් බොහෝ පරිසර හානිය අවම කරන බලශක්ති මූලාශ්‍ර (power sources) තියෙනව. පරිසර හිතකාමී ඉන්ධනයක් වෙන්න නම්, ඒක පුනර්ජනනීය බලශක්තියකින් (renewable energy) නිපදවන්න ඕනෙ සහ එම ඉන්ධනය දහනය කළාම නිකුත්වන දේවලින් පරිසර දූෂණයක් නොවිය යුතුයි.

එවැනි ඉන්ධන වර්ග කිහිපයක් තමයි,

  1. Methanol හෙවත් wood alcohol
  2. Ethanol
  3. ශාක හෝ සත්ව තෙල් ඇසුරින් නිපදවන bio diesel
  4. ද්‍රව නයිට්‍රජන්

මේ ආදේශක ඉන්ධන බොහෝමයක් alcohol ආශ්‍රිත ඉන්ධන.

Vulcanol

කළින් කිව්ව වගේ, මේ renewable alcohol ඉන්ධන පරිසර හිතකාමී වන්නේ එවා නිපදවන ආකාරය අනුවයි. අයිස්ලන්තය වැනි රටවල ගිනිකඳු වලින් නිකුත්වන CO2 (කාබන් ඩයොක්සයිඩ්) භාවිතයෙන් methanol නිපදවනවා. Vulcanol ලෙස හඳුන්වන මේ alcohol ඉන්ධනය නිෂ්පාදනයේදී කිසිඳු පරිසර හානියක් වෙන්නේ නැහැ,

Koenigsegg Gemira එකේ තියෙන TFG එන්ජිම සාමාන්‍ය petrol වලින් වගේම Ethanol, Methanol සහ Vulcanol වලිනුත් ධාවනය කරන්න පුළුවන්. Ethanol සහ Methanol වලින් ධාවනය කරන්න පුළුවන් වාහන අනෙකුත් මෝටර් රථ සමාගම් වලිනුත් නිෂ්පාදනය කර තිබුනා වුවත්, Vulcanol වලින් ධාවන කළහැකි car ඒකක් මීට පෙර නිෂ්පාදනය කොට තිබුනේ නැත. Vulcanol වලින් ධාවන කරන වෙලාවට, Koenigsegg Gemira එක, අතිශයින්ම පරිසර හිතකාමී ගිනි කඳු වලින් ධාවනය වන european car එකක් හැටියට හඳුන්වන්නෙ පුළුවන්.

Koenigsegg Gemera Engine
Koenigsegg Gemera Engine

මේකෙ එන්ජිම මේ වගේ renewable alcohol ඉන්ධන වලින් ධාවනය වෙනකොට, පරිසරයට කිසිඳු අපද්‍රව්‍යක් මුදාහැරෙන්නේ නැහැ. ඒ ඇරුණාම, එන්ජිමේ air intake එකෙන් වාතයේ තිබෙන කුඩා අංශුත් අරගෙන ඒවාත් දහනය කරනවා. ඒ නිසා ඇත්තටම බැළුවොත් මේ එන්ජිම පරිසරය පිරිසිදු කරනවා.

Alcohol ඉන්ධන වලින් ධාවනය කරන්න පුළුවන් විදිහට හදපු වාහන බොහෝමයක් තියෙනවා. මොකද alcohol ඉන්ධන වලින් වැඩි ජවයක් ගන්න පුළුවන් වගේම එවා භාවිතා කරන විට සිසිල් කරන්නත් ලේසියි. නමුත් ඒවායේ වාෂ්පශීලි බව පෙට්‍රල් වලට වඩා අඩුයි. ඒනිසා අඩු උෂ්ණත්වයන් වලදී වාහනය පණ ගන්වන්න පහසු වීමට පෙට්‍රල් යොදනවා. නමුත් මේ Koenigsegg Gemira එකේ එන්ජිමේ තිබෙන pre-start heating mode එක නිසා සම්පූර්ණයෙන්ම පෙට්‍රල් භාවිතයෙන් තොරව ධාවනය කරන්න පුළුවන්.

ඒ නිසා Vaulcanol වැනි ඉන්ධනයක් භාවිතා කරන අවස්ථාවකදී Gemira එක zero emission නෙමෙයි negative emission වාහනයක් හැටියට හඳුන්වන්න පුළුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *