McLaren Senna Fender

මිනිසුන්ගෙ නම් car වලටත් | Cars Named After People – Part 1

ඔබ දන්නව පාරවල් එහෙම සමාජයට සේවයක් කරපු අය නමින් නම් කරනව. නමුත් රථගාය තියෙන අපිට වැදගත් පාරවල් වල යන වාහනත් එහෙම නම් කරනවද කියන එක. බොහොමයක් වාහන සමාගම් ගත්තොත් එව නම් කරල තියෙන්නෙ, ඒ ඒ සමාගම් ආරම්භ කරපු කෙනාගෙ නමින්. එවැනි නම් ගැන රථගාය තියෙන ඔයාල බොහෝ දෙනෙක් දන්නව. නමුත් එතනින් එහාට ගිහින්, කිසියම් වාහන මාදිලියක් කෙනෙකුගේ නමින් නම් කරපු අවස්ථා තියෙනව.

2020 Pininfarina Battista

ඉතාලියේ Pininfarina සමාගමේ නිර්මාතෲ Battista ‘Pinin’ Farina සිහිවීමට තමයි මේ නමින් නම් කරල තියෙන්නෙ. නමුත් මේ car එක හදන්නෙ, ඉතාලියේ Pininfarina සමාගම මුල් කරගෙන බිහිවුණු, ජර්මනියේ Automobili Pininfarina සමාගම විසින්. 2019 Geneva Moto Show එකේදි එළිදැක්වුණු මේ මෝටර් රථය සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන hypercar එකක්. රෝද හතරටම මෝටර් හතරක් තියෙනෙ මේ cat එකට අශ්ව බල 1877ක් බලයක් තියෙනව. මේකට බලය ලැබෙන්නෙ ක්‍රොයේශියාවෙ Rimac සමාගම නිෂ්පාදනය කරපු 120 kWh බැටරියකින්.

Pininfarina Battista

උපරිම වේගය පැයට කිලෝ මීටර් 349 (පැයට සැතපුම් 217) වන Battista එකේ පැයට කිලෝ මීටර් 0-100 (පැයට සැතපුම් 0-62) යන්න ගතවෙන්නෙ තත්පර 2ක්. මේ car එකේ එක වරක් ආරොපණය කලාම යන්න පුළුවන් දුර කිලෝ මීටර් 451 (සැතපුම් 280ක්). ඇමරිකන් ඩොලර් මිලියන 2.6කට මිල නියම කරල තියෙන Battista එකේ වාහන 150ක් විතරයි හදන්න සැලසුම් කරල තියෙන්නෙ. අධි බලැති hypercar එකක් වුවත්, මෙහි ඇතුලත ඉතා සැප පහසු වන අතර විශාල ඉඩකඩක් අන්තර්ගත වනවා. ජර්මානු සමාගමක් විසින් නිෂ්පාදනය කලත්, ඉතාලි නිෂ්පාදනයක දක්නට ලැබෙන සුපිරි ගුණාත්මක බව මෙහිත් දක්නට ලැබෙනවා.

2020 McLaren Senna

මේ මෝටර් රථය නම් කරල තියෙන්නෙ බ‍්‍රසීල ජාතික Formula 1 මෝටර් රථ ධාවකයකු වන Ayrton Senna සිහිවීමටයි. ඔහු එංගලන්තයේ McLaren Formula One Team එක වෙනුවෙන් තෙවරක් Formula One World Drivers’ Championship කිරුළ දිනා ගෙන තිබෙනවා. ඒ 1988 දී 1990 දී සහ 1991 දී. ඊට අමතරව හතරවරක් McLaren කණ්ඩායමට Formula One World Constructor’s Championship කිරුළ දිනාගැනීමට දායක වී තිබෙනවා. ඒ 1988 දී 1989දී 1990දී සහ 1991 දී. රථගාය තියෙන අය දන්නව Ayrton Senna කියන්නෙ මෝටර් රථ තරඟවල කෙතරම් පෙරළියක් කරපු කෙනෙක්ද කියල. McLaren Senna එකත් ඊට දෙවෙනි නෑ.

McLaren Senna

Senna එකට තියෙන්නෙ අශ්ව බල 789ක් නිපදවන 4.0L twin-turbocharged V8 එන්ජිමක්. පැයට කිලෝ මීටර් 340 (පැයට සැතපුම් 211) උපරිම වේගයක් තියෙන Senna එකට පැයට කිලෝ මීටර් 0-100 (පැයට සැතපුම් 0-62) යන්න ගතවෙන්නෙ තත්පර 2.8ක්. පවුම් 750,000 කට මිලකර ඇති මෙම මෝටර් රථ 500ක් පමණක් නිපදවන බවයි McLaren සමාගම පවසන්නෙ (දැන් car sale ගානෙ දුවන්න එපා, ඔක්කොම විකිණිලා ඉවරයි). පසුව McLaren Senna GTR නමින් අශ්ව බල 814ක් නිපදවන, වැඩිදියුණු කළ මාදිලියක්ද එළිදැක්වුණා. Car 75ක් පමණක් නිපදවීමට බලාපොරොත්තු වන මෙම මාදිලිය, මෝටර් රථ ධාවන තරඟ වල භාවිතය වෙනුවෙන් නිපදවූවක්

2013 Vauxhall Adam

මුළින්ම කියන්න ඕනෙ! මේක කලින් දෙක තරම් නම් ගතියක් නෑ. එංගලන්තයේ Vauxhall සමාගම මේ car එක, මේ නමින් නම් කරල තියෙන්නෙ ජර්මනියේ Opel සමාගමේ නිර්මාතෲ Adam Opel සිහිවීමටයි (ඔයාල හිතනව ඇති Vauxhall එකට පිස්සුද කියල). ඇත්තටම මේ මෝටර් රථය නිෂ්පාදනය කරන්නෙ Opel සමාගම විසින්. Opel සමාගමේ අයතිකරුවන් වන PSA Group (Peugeot-Citroen) සමාගම ජර්මනියේ මෙම මෝටර් රථ විකුණන්නේ Opel නම යටතේයි. නමුත් එංගලන්තයේ එම මෝටර් රථයම විකුණන්නේ ඔවුන්ට අයත් එංගලන්ත සමාගමක් වන Vauxhall නම යටතේයි.

Vauxhall Adam

Adam මෝටර් රථය front-wheel-drive, 3-door hatchback එකක්. මේ car එක එන්ජින් මාදිලි තුනකින් නිෂ්පාදනය කළා. ඒ 1.2L I4 69 hp, 1.4L I4 99 hp සහ 1.0L Turbo I3 113hpලෙස. පිටින් බැලූවාම එච්චරම ගතියක් නැති වුනත්, Adam එක සම්මාන බොහොමයක් දිනා ගත්ත, ජනප‍්‍රිය මෝටර් රථයක් වුනා. මෝටර් රථ තරඟ වල ධාවනය සඳහා 1.6L I4 182 hp එන්ජිමකින් සමන්විත Adam Rallye R2 නමින් මාදිලියක්ද නිෂ්පාදනය කෙරුණා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *