දන්න කියන කෙනෙක් අළුත් වෙලා: 2020 Land Rover Defender

2020 Land Rover Defender

Land Rover Defender කියන්නෙ මුළු ලෝකෙම දන්න වාහනයක්. සමහර දෙනෙක්ට Defender කියන්නෙ වාහනයකට එහා ගිය දෙයක්. මේක නිෂ්පාදනය ආරම්භවුනේ 1983. 1983 සිට 1990 දක්වා මෙය හැඳින්වුනේ Land Rover One-Ten (110) සහ Land Rover Ninety(90) යනුවෙනුයි. Wheel base එක අඟල් 110 මාදිලිය හැඳින්වුනේ One-Ten යනුවෙනුයි. Ninety යනුවෙන් හැඳින්වුනේ Wheel base එක අඟල් 93 වුනු මාදිලියයි. […]

ෂිට්! වාහනේ දුම් සහතිකේ නැතිවෙලානෙ, අරගෙන මාස දෙකයි

Vehicle Emission Test Certificate

අපි භාවිතා කරන බොහෝ වාහන වලට දුම් සහතිකයක් හෙවත් වායු විමෝචන සහතිකයක් ලබා ගැනීම අනිවාර්යයි. ඔබ පාවිච්චි කරන්නෙ පහත තියෙන කාණ්ඩ වලට අයත් වාහනයක් නම් දුම් සහතික අවශ්‍ය නෑ. Brand New තත්වයේ පවතින වාහනයක් Hybrid වාහනයක් විදුලි (Electric) වාහනයක් LP ගෑස් වාහනයක්, හෝ 1975ට පෙර ලියාපදිංචි කළ වාහනයක් අපිට බොහෝ විට දුම් සහතිකේ මතක්වෙන්නෙ වාහන […]

Free Advice: වාහන ගනිද්දි brand එක බලන්න එපා! – පළමු කථාංගය

Toyota 86, Subaru BRZ, Scion FR-S

අපි ගොඩක් දෙනෙක් වාහනයක් ගනිද්දි, brand new එකක් වුනත් second hand එකක් වුනත්, වාහනේ brand එක ගැන ගොඩක් වදවෙනවා…. මේකට වැඩිය ඒක හොඳයි, ඒකට වැඩිය අරක හොඳයි, එක එක අය එක එක කතා කියනව. හැබැයි ඇත්තටම බැලුවොත්, බොහොමයක් වාහන වල තියෙන්නෙ එකම factory එකේ හදපු කෑලි. එහෙම එකම කෑලි දාල හදල, වෙන වෙන badge ගහල […]

Mustang රජුගේ පුනරාගමනය: 2020 Shelby GT500

2020 Shelby GT500

Ford සමාගම ඔවුන්ගේ සුප්‍රසිද්ධ, Mustang Shelby GT500 මාදිලියේ, නවතම මෝටර් රථය වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් වනවා. මෙය මුලින්ම එළි දැක්වුනේ 2019 ජනවාරි මාසයේ, ඇමරිකාවේ Ditroit නගරයේ පැවැත්වුනු North American International Auto Show උළෙලේදීයි. ආරම්භය Shelby GT500 රථයක් මුළින්ම හඳුන්වා දුන්නේ 1967 වසරේදීයි. ඉන් පසු 1968දී Shelby GT500KR (King of Road) රථයත්, 1969 වසරෙදී තරමක් දිගින් […]

පැයට සැතපුම් 300 සීමාව පසුකළ පළමු මෝටර් රථය: Bugatti Chiron

Bugatti Chiron Super Sport 300+

කාලෙන් කාලෙට මෝටර් රථ සමාගම් ලෝක වාර්තාවන් තබන්න උනන්දු වනවා. ඒ තමාගේ නම ලොව පුරා ප්‍රසිද්ධ කිරීමටයි. ඒ වගේ ලෝක වාර්තාවක් ගැන තමයි මේ කියන්නෙ යන්නෙ. ලොව ප්‍රථම වතාවට මෝටර් රථයක් පැයට සැතපුම් 300 සීමාව පසු කිරීමට සමත්ව තිබෙනවා. එම වාර්තාවට හිමිකම් කියන්නේ Bugatti Chiron Super Sport 300+ රථයයි. මෙම වාර්තාගත Bugatti රථය පදවන ලද්දේ, […]

ගියපාර නත්තල් ගහ වෙලාවට ගේන්න බැරි වුනාද? car එක මාරු කලොත් නරකද?

Christmas Tree with G-Wiz!

නත්තලත් ලඟ ලඟම එන එකේ, නත්තලට සූදානම් වෙන, රථගාය තියෙන අයට හොඳ ඉඟියක් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. සමහරවිට ගිය අවුරුද්දේ නත්තලේදි, ඔයාටත් මේ ඇබැද්දිය වෙන්න ඇති. නත්තල් ගහක් ගේන්න කියල ගෙදර අය සති ගානක ඉඳන් කිව්වත්, office එකේ වැඩයි, car එකේ වැඩයි නිසා, කල් ඇර ඇර ඉන්නව. ගෙදර අයගෙ කරදරෙන් බේරෙන්නම බැරි නිසා, අන්තිමට, […]

මේ Hybrid කාර් පාරෙදි හම්බුනොත් Toyota Prius වලට ඇඬෙයි!

Lamborghini Asterion LPI 910-4

ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ අනිත් රටවල වුනත් hybrid කාර් කිව්වාම කාටත් මතක් වෙන්නෙ Toyota Prius. ඒ මොකද Prius එක ඒ තරම්ම ජනප්‍රියයි. තවත් Hybrid කාර් කොපමණ තිබුනා වුවත්, Hybrid කාර් ජනතාව අතරට ගෙනියන්න Toyota Prius එක සමත්වුනා කිව්වොත් හරි. හරියට කියනවනම් Hybrid කාර් නව මානයකට ගෙනියන්න Prius එකට පුළුවන් වුනා. Honda Insight, Honda Fit, Toyota […]

Uber කල මගඩි එලියට, සමනිර්මාතෲ හා ප්‍රධාන විධායක නිළධාරී Travis Kalanickත් එලියට

Self Driving Uber Taxi

Uber යන නම කී පමණින් ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නවා වුවද, Uber යනු ලොව පුරා රටවල් බොහෝ ගණනක ක්‍රියාත්මක වන, ලොව විශාලතම සහ ජනප්‍රියම taxi සේවයයි. Uber යනු ලංකාවේ තරමක් ප්‍රචලිත ‘Pick me’ taxi සේවයට සමාන සේවයක් වන අතර මින් සිදුකරන්නේ ජංගම දුරකතන මෘදුකාංගයක් හරහා පුද්ගලයින්ට taxi ලබා දීමයි. මෙහිදී taxi රියදුරන් Uber සේවය […]

පාප් වහන්සේටත් Lamborghini Huracán එකක් තියෙනව, අපේ හාමුදුරුවනේ

Lamborghini Huracán Pope Francis

Lamborghini කාර් එකකට අකමැති කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඕනම රටක, ඕනම ජාතියක, ලොකු කුඩා ඕනම කෙනෙක් Lamborghini කාර් වලට කැමතියි. ඒ නිසා Lamborghini සමාගමට ලෝකය පුරා විවිධ පුද්ගලයන්ට කාර් deliver කරන්න වෙනව. මේ ලඟදි Lamborghini සමාගම ඒ වගේ car එකක් deliver කළා ඉතා විශේෂ පුද්ගලයෙකුට, මේ පුද්ගලයා කොයිතරම් විශේෂද කියනවනම්, Lamborghini සමාගමේ සභාපතිවරයා, ප්‍රධාන […]

හරි, හරි!….. දැන් කොහොමද වාහන ආදායම් බලපත්‍රය ගන්නෙ?

Department of Motor Traffic

කලින් ලිපියෙදි කිව්ව වගේ වාහන ආදායම් බලපත්‍රය නිකුත් කරන්නෙ අවුරුද්දක කාල සීමාවකටනෙ, ඒ කාල සීමාව ඉකුත් වුනාම අළුත් කරගන්න ඕනෙ. වාහන ආදායම් බලපත්‍රය අළුත් කරනකොට ගොඩක් දෙනෙකුට වෙන දෙයක් තමයි, පරණ එකේ අන්තිම දවස වෙනකම් ඉන්නව අළුත් එක ගන්න, හැබැයි මොකක් හරි හේතුවක් නිසා අළුත් වාහන ආදායම් බලපත්‍රය නියමිත දවසට ගන්න බැරි වෙනව. ඊට පස්සෙ […]